කාර්යක්ෂමතාව සහ නිර්මාණශීලිත්වය සඳහා කෘත්‍රිම බුද්ධිය භාවිතා කිරීම හේතුවෙන් මෙම තීරණයට එළඹ ඇති බව විදෙස් ආරංචිමාර්ග සදහන් කරයි.
රැකියා කප්පාදුවේ ප්‍රතිඵලයක් ලෙස කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යාපාර සඳහා ගූගල් වේදිකාවේ ප්‍රචාරණය සඳහා වඩා වැඩි සහායක් ලබා දීමට අදහස් කරන බව වැඩිදුරටත් එම ආරංචිමාර්ග සඳහන් කර ඇත.
ගූගල් සමාගම විසින් සිය වෙළෙඳ ප්‍රචාරණය ඇතුළු බොහෝ අංශවලට මෙම කෘත්‍රිම බුද්ධිය යොදා ගැනීමට පියවර ගෙන ඇති සඳහන්ය.
එක්සත් ජනපදයේ මාර්ග ගත ව්‍යාපාර කටයුත්වලින් සියයට 80ක් පමණ කෘත්‍රිම බුද්ධිය තාක්ෂණය යොදා ගනිමින් සිදුකරන බව පර්යේෂණයක් උපුටා දක්වමින් ගූගල් සමාගම පවසයි.