ගංවතුර පාලනය කරන්න අයවැයෙන් මිලියන 2,482 ක්, බේරේ වැව සංවර්ධනයටත්  මිලියන 40ක්

Published in පුවත්
Wednesday, 17 January 2024 14:40

බස්නාහිර පළාතේ ගංවතුර තත්ත්වය පාලනය කිරීම සදහා මෙවර අයවැයෙන් රුපියල් මිලියන 2,482 ක් වෙන්කර ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය පවසයි. 

ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබන අතර එම ප්‍රතිපාදන යොදා ගනිමින් බස්නාහිර පළාතේ ගංවතුර තත්වය පාලනය කිරීමට ප්‍රධාන ව්‍යාපෘති 6 ක වැඩ කටයුතු සිදු කිරීමට නියමිත බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසා ඇත.

ඒ අනුව මහ කොළඹ නාගරික සංවර්ධන ව්‍යාපෘතිය සදහා මේ වසර තුළ වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 292 කි. කොළඹ ගංවතුර පාලනය කිරීම හා යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම පදනම් කර ගනිමින් 2012 වසරේදී ලෝක බැංකු ආධාර සහ දේශීය අරමුදල් මත මෙම ව්‍යාපෘතිය ආරම්භ කෙරිණ.

මෙම ව්‍යාපෘතිය යටතේ අඹතලේ පොම්පාගාරය, මාදිවෙල නැගෙනහිර හැරවුම,ටොරිංටන් උමඟ සංවර්ධනය කිරීම ඇතුළු උප ව්‍යාපෘති 54 ක් පසුගිය වසරේදී සංවර්ධනය කර මහජන පරිහරණය සදහා භාර දී ඇති බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග සදහන් කරයි.

යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිය සදහා රුපියල් මිලියන 600 ක මුදලක් මෙවර අයවැයෙන් වෙන් කර තිබේ. කොළඹ අවට පවතින ඇළ මාර්ග, වැව් සහ ඇවිදින මංතීරු නඩත්තු කිරීම හා ප්‍රතිසංස්කරණය කිරීම, තෙත්බිම් හා පහත් බිම් සංවර්ධනය කිරීම මේ යටතේ සිදුකෙරේ. කළු ඔය වැසි ජල අපවහන හා පරිසරය වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේද මේ යටතේයි.

වේරස් ගග වැසි අපවාහන හා පරිසර වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය සදහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 800 කි. නුගේගොඩ රත්තනපිටිය ඇළ, දෙල්කද ඇළ, බොරලැස්ගමුව උතුර, බොරලැස්ගමුව දකුණ සහ වේරස් ගග යන කලාප 5 මෙම ව්‍යාපෘතිය යටතේ ආවරණය වේ. අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙන්නේ එම ව්‍යාපෘතිය මගින් කිලෝමීටර 55.5ක දුර ප්‍රමාණයක් ආවරණය වන බවයි. මෙමගින් වැසි ජල රැදවුම් ප්‍රදේශ සංරක්ෂණය කිරීම හරහා පාරිසරික සංචාරක ව්‍යාපාරය වැඩිදියුණු කළ හැකි බවද හෙතෙම පෙන්වා දෙයි.

‍එමෙන්ම බේරේ වැව ව්‍යාපෘතිය සදහා මෙවර අයවැය මගින් වෙන් කර ඇති මුදල රුපියල් මිලයන 40 කි. කොළඹ නගරයේ පිහිටා ඇති බේරේ වැව නාගරික හා කාර්මික අපද්‍රව්‍ය සහ අපජලය එක්වීම නිසා පරිහානියට පත්ව තිබේ.

එම නිසා තවදුරටත් සිදු විය හැකි පරිසර හානිය අවම කිරීම අරමුණු කරගනිමින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කෙරිණි. බේරේ වැවේ ජලයේ ගුණාත්මක භාවය ඉහළ නැංවීම පරිසර අලංකරණය සහ ජනතාවගේ සෞඛ්‍ය තත්වය වර්ධනය කිරීම මින් සිදු කෙරෙන බව ප්‍රසන්න රණතුංග මහතා සදහන් කරයි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us