මහ බැංකු අධිපතිගේ ආන්දෝලනාත්මක ප්‍රකාශය ගැන සාකච්ඡාව අද රූපවාහිනියෙන්

Published in පුවත්
Wednesday, 17 January 2024 10:53

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද (17) රාත්‍රී 10ට ජාතික රූපවාහිනියේ ‘මහජන දිනය’ වැඩසටහනින් විකාශය කෙරෙන බවට වාර්තා වේ.

ඔහු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය වන ‘කවුරු ආවත් අයි.එම්.එෆ්. හැර වෙන විකල්පයක් නැති බව පැවසු ප්‍රකාශයට අමතරව  මුදල් සම්බන්ධ සම්පූර්ණ බලය පාර්ලිමේන්තුව සතුයි සහ කවුරු ආවත් අයි.එම්.එෆ්. හැර වෙන විකල්පයක් නැද්ද යන්න සම්බන්ධයෙන් ද අද (17) රාත්‍රියේ මහජන දිනයෙන් සාකච්ඡා කිරීමට නියමිතය.

ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් එකඟතා අනුව වත්මන් රජය නොව කවුරු රට පාලනය කළ ද එම එකඟතා සමඟ කටයුතු කිරීමට සිදු වන බවට මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ඉකුත් 10 වැනිදා ප්‍රකාශයක් කළේ මේ වසරට අදාළ මූල්‍ය ප්‍රතිපත්ති පෙරදැක්ම ඉදිරිපත් කරමිනි.

කෙසේ වෙතත් මෙලෙස ඇති කරගත් එකඟතා කෙටිකාලීන ඒවා නොව වසර දහය සහ ඊටත් එහා ගිය ඒවා විය හැකි බව මෙහිදී මහ බැංකු අධිපතිවරයා කීවේය. මහ බැංකු අධිපතිවරයාගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන  විසින් දින තුනක විවාදයක් ලබා දෙන ලෙස ද කථානායක මහින්ද යාපා අබේවර්ධනගෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා (11) ඉල්ලා සිට ඇත.

මේ ප්‍රකාශය සම්බන්ධයෙන් පුළුල් ජාතික සංවාදයක් ගොඩනැඟීම අතිශය වැදගත් බවත් සියලු මන්ත්‍රීවරුන්ගේ එකඟතාවෙන් මෙම ප්‍රකාශය සම්බන්ධව දින තුනක විවාදයක් පැවැත්විය යුතු බවටත් මෙහිදී ඇමැතිවරයා ඉල්ලීමක් කළේය. එම ඉල්ලීම සම්බන්ධයෙන් පක්ෂ නායක රැස්වීමේදී අවධානය යොමු කරන බව ද කථානායකවරයා ඊට පිළිතුරු දෙමින් පැවසීය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us