ශ්‍රී ලංකාව මුහුණ දෙන වර්තමාන අභියෝග සහ විශේෂයෙන් ඖෂධ නිෂ්පාදන පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඊයේ දින විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ශ්‍රී ලංකාවේ නියෝජිත ආචාර්ය අලකා සිං මහත්මිය හමුවිය.

යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ලෙස ලබන ජුනි මස පළවනදා වැඩ භාරගැනීමට නියමිත බව යුද හමුදාව ප්‍රකාශ කළා. යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මේ වනවිට වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ලෙසයි කටයුතු කරන්නේ.

වත්මන් ආර්ථික අර්බුදය දක්වා සිය වගකීම් පැහැර හරින ලද නිලධාරීන් ඇතුළු සියලු දෙනා සම්බන්ධව පරීක්ෂණය කිරීම සදහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත්කිරීමට කෝප් කමිටුව අද නිර්දේශ කර තිබේ. ඊයේ දිනයේදී ද මහ බැංකු අධිපතිවරයා විසින් හෙළිදරව් කර තිබුණේ රාජ්‍ය ආදායම් සම්බන්ධයෙන් වැරදි තොරතුරු අයවැය වාර්ථාවට ඇතුළත් කිරීම නිසා රට ණය උගුලක සිරවූ බවය.

වත්මන් අසීරු ආර්ථික තත්වය තුළ පවතින සැබෑ යථාර්ථය නොසගවා ජනතාවට පවසා දීර්ඝකාලීන ආර්ථික ස්ථාවරය සදහා ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණ සදහා පටු දේශපාලන වාසි නොතකා පක්ෂ භේදයකින් තොරව සහයෝගය ලබා දෙන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී අද පවසා තිබිණි.

මේ වසරේ මුල් පහ තුළ මේ දක්වා විදේශ රැකියා සඳහා පමණක් පුද්ගලයන් 105821 දෙනකු පිටත්ව ගොස් ඇති බව ශ්‍රී ලංකා විදේශ නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

හෙට දිනයේ 21 වන සංශෝධනය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළහොත් එය අනුමත නොකර සිටින ලෙස පොදුජන පෙරමුණ ජනාධිපතිවරයාට බලපෑම් කර තිබෙන බව වාර්තා වේ.ඒ අනුව මෙම පනත් කෙටුම්පත හෙට දිනයේදී කැබිනට් මණ්ඩලය අනුමත නොකෙරෙනු ඇති බව දැනගැනීමට ඇත.

ඉදිරියේදී සම්පූර්ණ කෙරෙන නව ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන්ට අමාත්‍ය වැටුප් ලබා නොදීමට තීරණය කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us