ඔටෝ ඩීසල් ලීටරයක මිල සිනොපැක් සමාගම ඉහළ දමා ඇත්තේ රුපියල් 5 කිනි. එහි නව මිල රුපියල් 360 කි.
මිල සංශෝධනයත් සමග සිනොපැක් සමාගම සුපර් ඩීසල් ලීටරයක මිල ද රුපියල් 7කින් ඉහළ දමා ඇති අතර සුපර් ඩීසල් ලීටරයක නව මිල රුපියල් 468 කි.
ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ ගියේ රුපියල් 5කිනි.දැන් එහි නව මිල රුපියල් 371 කි.
ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 8 කින් පහළ දමා ඇති අතර එහි නව මිල සටහන් වන්නේ රුපියල් 456 ක් ලෙසයි.
ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 5 කින් ඉහළ දමා තිබේ.ඒ අනුව එහි නව මිල රුපියල් 363 කි.
සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 7 කින් පහළ දමා ඇති අතර එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 468 ක් ලෙසයි.
භූමිතෙල් ලීටරයක මිල ද රුපියල් 26 කින් ඉහළ දමා ඇත.
ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේ, ඒ අනුව භූමිතෙල් ලීටරයක් රුපියල් 262 ක් දක්වා ඉහළ යන බවයි.
-P.M