දැඩි සංචරණ සීමා පනවනු ලබන්නේ කොවිඩ් -19 රෝග තත්ත්වය පාලනය කිරීමට වන අතර ඒ සඳහා මහජනතාවගේ සහයෝගය අත්‍යවශ්‍ය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

කොළඹ ද සොයිසා කාන්තා රෝහලේ සහ කාසල් කාන්තා රෝහලේ ආසාදිතව ප්‍රතිකාර ලබන ගැබිණි මව්වරුන් හා දරු ප්‍රසූතිය කළ මව්වරු ගැටළු කිහිපයකට මුහුණදී සිටින බවට තොරතුරු වාර්තා වේ.

බස්නාහිර පළාත තුළ සේවයේ නියුතු මහජන පරීක්ෂකවරුන් අද (25) ක්‍රියාත්මක කිරීමට සිටි වැඩ වර්ජනය අත්හිටවූ බව මහජන පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් එම්. බාලසූරිය මහතා සඳහන් කර තිබේ.

එන්නත්කරණය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුකාරී වාතාවරණය හේතුවෙන් අද (25) උදෑසන සිට බස්නාහිර පළාතේ කොවිඩ් මර්දන රාජකාරී ඇතුළු සියලු කටයුතුවලින් ඉවත්වීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය තීරණය කර තිබේනවා.

කොවිඩ් -19 අසාදිතව මියගිය පුද්ගලයින්ගෙන් වැඩි ප්‍රතිශතයක් දීර්ඝ කාලීනව බෝ නොවන රෝගවලින් පෙලෙන පුද්ගලයන් බවට හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ පවසති.

මෙම තත්ත්වය යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් දීර්ඝ කාලීනව බෝ නොවන රෝගවලින් පෙළෙන පුද්ගලයින් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ අධ්‍යක්ෂ, ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය වින්ද්‍යා කුමාරපේලි මහත්මිය සඳහන් කරයි.

ඒ සදහා බෝ නොවන රෝගීන් සඳහා වෛද්‍ය සායන සහ හුදකලා කර ඇති ප්‍රදේශවල විශේෂ ජංගම සායන මගින් ඖෂධ සහ ප්‍රතිකාර කටයුතු සිදුකිරීමට ද මේ වනවිට ක්‍රමවේදයක් සකස් කර ඇති බවයි ඇය පෙන්වා දෙන්නේ.

-පංචාලි අබේසේකර

දැඩි අවදානම් ප්‍රදේශවල ජනතාවට වෙසක් පොහොය යෙදෙන හෙට (26දා) සහ අනිද්දා (27දා) දිනවලදීද අවශ්‍යතාව මත කොවිඩ් මර්දන එන්නත ලබා දීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හමන්ත හේරත් ප්‍රකාශ කර ඇත.

ලෝක වෙළෙඳපොළේ මිල ගණන්වලට සමගාමීව මෙරට ඉන්ධන මිල සංශෝධනය කළයුතු බව ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කර තිබෙනවා.

හුදකලා කරන ලද ප්‍රදේශවල අඩු ආදායම්ලාභී පවුල් හා නිරෝධායනය වන පවුල් වෙනුවෙන් රජය විසින් නොමිලේ ලබාදෙන රු.5000/=වටිනා අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ ලබා දීමේ සහන ව්‍යාපෘතියේ කටයුතු සොයාබැලීම සඳහා වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ දින රත්මලාන සතොස අලෙවිසැල් හි නිරීක්ෂණ කටයුතු සඳහා එක් වි තිබෙනවා.

ld add copy

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us