සාමකාමී උද්ඝෝෂකයින් සිටි 'මයිනා ගෝ ගමට’ සහ ගෝඨා ගෝ ගමට’ පහර දීමේ සිද්ධීන් වලට සම්බන්ධ හිටපු ඇමතිවරු ඇතුළු 22 දෙදෙනකු වහාම අත්අංඩගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතීපතිවරයා පොලිස්පතිවරයාට සහ රහස් පොලිසිය බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට අද ලිඛිතව උපදෙස් දී ඇත.

අගමැති රනිල් වික්‍රමසිංහ ජාතිය අමතා කළ ප්‍රකාශය :

පසුගිය බ්‍රහස්පතින්දා මම අග්‍රාමාත්‍ය ධූරය භාරගත්තා. එම ධූරය මම ඉල්ලා සිටියේ නැහැ. රටේ ඇතිවී තිබූ අර්බුදකාරී තත්ත්වය හමුවේ ගරු ජනාධිපතිතුමා විසින් මෙම ධූරය භාරගැනීමට ම‌ට ආරාධනා කළා. මම දේශපාලන නායකයෙකු වශයෙන් පමණක් නොව නිදහස් අධ්‍යාපනය බුක්ති විඳලා කොළඹ විශ්ව විද්‍යාලයෙන් නීති උපාධිය ලබාගෙන ඉහළට ගිය ජාතික නායකයෙකු වශයෙනුයි මෙම වගකීම භාර ගත්තේ.

ශ්‍රී ලංකාව වර්තමානයේදී මුහුණ දී ඇති ආර්ථික අර්බුදය හමුවේ යම් හෝ සහනයක් සලසා ගත හැකි වන්නේ දැනට පවතින ආනාරක්ෂිත භාවය තුරන් කරමින් ආරක්ෂිත පරිසරයක් තුළ සේවය කිරීමට හැකියාව ලබා දී අඛණ්ඩව ආර්ථික යාන්ත්‍රණය පවත්වාගෙන යාමෙන්ම පමණක් බව පෞද්ගලික අංශයේ ව්‍යාපාරික සංවිධාන කිහිපයක් අවධාරණය කරයි.

පසුගිය මැයි 9 වනදින ගාලු මුවදොර පිටියෙන් අ‍රැඹුණ ප්‍රචණ්ඩ ක්‍රියා ‍රැල්ල තව දුරටත් ව්‍යාප්ත වෙමින් පවතින බවට තොරතුරු වාර්ථාවේ.මේ වන විට ප්‍රචණ්ඩ ක්‍රියාවන් හී විශාල අඩුවක් පෙන්නුම් කළ ද නගරයෙන් පිටත ප්‍රදේශවල නිවාස සහ ව්‍යාපාරික ස්ථාන වලට පහර දීම්, ගිණි තැබීම් , කොල්ල කෑම් සිදු වෙමින් පවතින බවට වාර්ථාවේ .

ගාලුමුවදොර කේන්ද්‍රකරගෙන සිදුවන අරගලයේ පාර්ශ්ව කරුවන් විසින් ඉදිරිපත් කර තිබෙන ' ගාලු මුවදොරින් ඔබ්බට' පුරවැසි ඉල්ලීම් යෝජනාවලිය මේ වන විට තමන් වෙත ලැබී තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට තමන් කැමති බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්ර්කාශ කරයි.

කල්පිටිය, උච්චමුනෙයි දූපත විදෙස් රටකට විකුණා ඇති බවට පසුගිය දිනක සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරය වූ වාර්තා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) කරුණු පැහැදිලි කර සිටී.

ඇවන්ට්ගාර්ඩ් අධිපති නිශ්ශංක සේනාධිපති මහතා තමන් වාසය කරන ප්‍රදේශ ආශ්‍රිතව සිටින ආර්ථික අපහසුතාවයන්ගෙන් පෙළෙන පවුල් 1200 කට දෙවන වරටත් වියලි ආහාර මල්ලක් නොමිළයේ බෙදා හැරීම අද (12) දින සිදු කර තිබේ.ඒ අනුව මිරිහාන ,කෝට්ටේ මාදිවල යන ප්‍රදේශ වල සමෘද්ධිලාභී සහ අඩු ආදායම් සහිත පවුල් 1200 ක් අදාල වසම් වල ග්‍රාම සේවක නිලධාරීන්ගේ නිර්දේශයන් අනුව ‍තෝරාගෙන මෙම සහන වැඩ පිළිවෙල ක්‍රියාවට නගා තිබේ. රුපියල් 12,500 ක වටිනා වියළි ආහාර මෙම සහන මල්ල තුළ අඩංගුය.

ඊයේ (09)දිනයේදී ගාලු මුවදොර පැවැති සාමකාමී අරගලයට ප්‍රහාර එල්ල කිරීම සඳහා අරලියගහ මන්දිරයේ සිට පැමිණි පොදු පෙරමුණේ ආධාර කරුවන් අතරට වට‍රැක සිරකඳවුරේ සිරකරුවන්ද යොදාගෙන තිබුණු බවට එල්ල වන චෝදනාව බන්ධනාගාර දෙපාර්තමේන්තු ප්‍රධානින් ප්‍රතික්ෂේප කර සිටියි.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us