එම නව වේග සීමාව ඇතුළු නීති රීති ඇතුළත් ගැසට් නිවේදනය ලබන සතියේ නිකුත් කරන බවත් පුද්ගල විෂමතාවලින් තොරව සියලු දෙනාට පොදු නීතියක් හරහා ජීවිත ආරක්‍ෂාවට මුල්තැන දීමට නව නීති සකස් කරන බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (30) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.
පුද්ගල විශේෂතාවලින් තොරව, සෑම දෙනාටම පොදු නීතියක් යටතේ අධිවේගී මාර්ගය භාවිත කරන්නන්ගේ ජීවිත ආරක්ෂාව සඳහා අවශ්‍ය වන නව විධිවිධාන සහිතව මෙම ගැසට් නිවේදනය නිකුත් කරන බව ද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.