බස්නාහිර, දකුණ, සබරගමුව සහ ඌව පළාත්වල ප.ව. 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
නීතිවිරෝධී ලෙස රුසියානු හෝ යුක්‍රේන හමුදාවට එක්නොවන්න -ආරක්ෂක අමාත්‍යංශය දැනුම් දෙයි
නීතිවිරෝධී මාර්ග ඔස්සේ රුසියානු හෝ යුක්‍රේන හමුදාවට එක්නොවන ලෙස සියලු ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට දැනුම් දී ඇති බව ආරක්ෂක අමාත්‍යංශය පවසයි.
සෞඛ්‍ය වෘත්තීය සමිති 72 ක සාමාජිකයින් අද (01)උදෑසන 6.30 සිට පැය 4 ක් සංකේත වැඩවර්ජනයක නිරතවීමට තීරණය කර තිබේ.
ජනපතිගේ ජයග්‍රහණය වෙනුවෙන් ප්‍රධාන පක්ෂ 2 ක් ඇතුළු පක්ෂ ගණනාවක් එකඟතාවයකට
ජනපති රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණය වෙනුවෙන් සන්ධානගත වීමට පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු තවත් පක්ෂ ගණනාවක් එකඟතාවයකට පැමිණ අවසන් බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර පවසයි.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබේ.
2024 මුල් මාස 03 තුළ මෙරට සංචාරක පැමිණීම ලක්ෂ හයකුත් පනියි
2024 මාර්තු 01 සිට 27 දක්වා කාලපරිච්ඡේදය තුළ දී විදෙස් සංචාරකයින් 181,872 ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම සංඛ්‍යාලේඛන නිකුත් කරමින් සඳහන් කරයි.
චීනයේ සයිනොපෙක් සමාගම විසින් හම්බන්තොට ඉදිකිරීමට නියමිත ඉන්ධන පිරිපහදුවේ ආයෝජනයට එකඟ වූ ඩොලර් බිලියන 4.5 දෙගුණ කර ඩොලර් බිලියන 9ක ආයෝජන සිදු කිරීමට එම සමාගම කැමැත්ත පළ කර ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.
රාජපක්ෂලා පහ ද රට ද, දෙකෙන් එකක් තීරණය කළ යුතුයි - චම්පික
රාජපක්ෂලා පස් දෙනෙක් නැවත පාර්ලිමේන්තුවට යවනවාද නැතිනම් ඉදිරි දශකය සඳහා රට ස්ථාවර කිරීම සඳහා ජුනි මාසය වන විට අපේ ණය හිමියෝ එක්ක කතා කරලා අපේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම කරනවාද යන්න ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණයක් ගත යුතු බව පාර්ලිමේනතු මන්ත්‍රී මන්ත්‍රී පාඨලී චම්පික රණවක මාධ්‍යවේදීන් අමතමින් පවසයි.

