බදු නොගෙවා සිටීමට ලබා දී තිබූ වසර 30ක කාලය වසර 2ක් දක්වා අඩු කිරීමට පියවර

Published in පුවත්
Monday, 01 July 2024 11:07

අවස්ථා 4කදී අභියාචනා ඉදිරිපත් කරමින් බදු නොගෙවා සිටීමට ලබා දී තිබූ වසර 30ක කාලය වසර 2ක් දක්වා අඩු කිරීමට ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පියවර ගෙන තිබේ.

මේ සඳහා අදාළ කමිටුව විසින් නීතිපති, අධිකරණ අමාත්‍යවරයා, නීතිපති කෙටුම්පත් දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තුවට කැඳවා දේශීය ආදායම් පනත සංශෝධනයට ලක් කළ බවත්, නව පනත කැබිනට් අනුමැතිය සඳහා යොමු කර ඇති බවත් ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පැවසීය.

දේශීය ආදායම් පනතේ මෙතෙක් පැවති අභියාචනා ක්‍රමවේදය අනුව අභියාචනා 4ක් ඉදිරිපත් කොට වසර 30 ක කාලයක් බදු නොගෙවා සිටීමේ හැකියාව තිබූ බවද, නව ක්‍රමවේදය අනුව අභියාචනා ඉදිරිපත් කළ හැකි අවස්ථා ගණන 2ක් බව ද, අදාළ බදු වසර 2 කදී ගෙවිය යුතු බවට සංශෝධන ඉදිරිපත් කළ බවද ඒ  පැවසීය. ඒ අනුව අභියාචනා ඉදිරිපත් කරමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට නොගෙවා ඇති බදු ප්‍රමාණය රුපියල් බිලියන 950ක් බවද මහින්දානන්ද අලූත්ගමගේ  වැඩිදුරටත් පැවසීය

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us