ශ්රී ලංකාවට පැමිණි අයර්ලන්තයේ පෝල් සහ පැට්රීෂියා රෝයි යන සංචාරක යුවල UL 504 ඔස්සේ මෙරටට පැමිණි දශ ලක්ෂයට පැමිණි සංචාරක යුවලයි. .
ශ්රී ලංකා සංචාරක ප්රවර්ධන කාර්යාංශය, ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම සහ ශ්රී ලංකන් ගුවන් සේවය එක්ව පසුගිය දා ඔවුන්ව පිළිගැනීමට කටයුතු කළ අතර ඒ සම්බන්ධයෙන් විශේෂ සැමරුම් උත්සවයක් සංවිධානය කර තිබේ.
මෙය ඔවුන්ගේ පළමු ශ්රී ලංකා සංචාරය වන අතර ඔවුන් ත්රිකුණාමලයෙන් තම සංචාරය ආරම්භ කර සති තුනක කාලයක් ශ්රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතයි.