ආර්ථික වශ­යෙන් ස්ථාවර කිරී­මට වත්මන් ජන­පති ගත් උත්සාහය ගැන සෑහිමකට පත් විය හැකියි - සරත් අමුණුගම

Published in පුවත්
Monday, 01 July 2024 12:14

බොරු කයි­වා­රු­ව­ලින් ඡන්ද දිනිය හැකි වුවත් රටක් පාල­නය කළ නොහැකි බව හිටපු අමාත්‍ය ආචාර්ය සරත් අමු­ණු­ගම පවසා සිටියි.

එළ­ඹෙන මැති­ව­ර­ණ­යේදී වගකීමෙන් ඡන්දය භාවිතා කළ යුතු බවත් මෙවර මැතිවරණයෙ කයි­වාරු කාර­යින් ජය­ග්‍ර­හ­ණය කළ­හොත් රට යළිත් අර්බු­ද­යක් කරා ගමන් ගන්නා බවත් හිටපු අමාත්‍යවරයා පැවසිය.

හෙතෙම මේ බව පවසා සිටියේ ඊයේ (30 ) පැවැති වැඩ සට­හ­න­කට සහ­භාගී වීමෙන් අන­තු­රුව මාධ්‍ය හමුවේ අද­හස් දක්ව­මිනි.

එහි දී ඔහු පවසා සිටියේ රට ආර්ථික වශ­යෙන් ස්ථාවර කිරී­මට වත්මන් ජන­පති රනිල් වික්‍ර­ම­සිංහ පසු­ගිය වසර දෙකක කාල­යේදී ක්‍රියා­ත්මක කළ වැඩ­ස­ට­හන සම්බ­න්ධ­යෙන් සෑහී­ම­කට පත්විය හැකි බවය.

වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අමාත්‍ය සරත් අමුණුගම මෙසේද පැවසිය.

“විවිධ පාර්ශව විසින් යම් යම් විවේ­චන එල්ල කළ ද ණය ප්‍රති­ව්‍යූ­හ­ගත කිරීමේ වැඩ­ස­ට­හන තාක්ෂ­ණි­කව ගත් කළ හොඳ මට්ට­මක පව­තින බව ද කී ඒ මහතා මෙසේද පැව­සු­වේය. මේ ණය ප්‍රති­ව්‍යූ­හ­ග­ත­ක­රණ ක්‍රියා­ව­ලියේ යම් යම් අඩු­පාඩු තියෙන්න පුළු­වන්. නමුත් බංකො­ලොත් රටක් යන නාම­යෙන් මිදු­නොත් තමයි අපේ රටට වෙනත් රට­වල මුදල් ආයෝ­ජන ගලා­ගෙන එන්නේ.

ලෝකයේ වෙනත් රට­වල් හා සසඳා බල­න­විට මේ රටේ රාජ්‍ය සේව­ක­යන් සංඛ්‍යාව ඉතා වැඩියි.ඒක රටට උහු­ලන්න බැහැ. අද මේ අය අත­රින් බහු­ත­ර­යක් දෙනා වැටුප් වැඩි කර ගැනී­මට වෘත්තීය ක්‍රියා­මාර්ග ගන්නවා. මේ නිසා රට අක්‍රීය වන ස්වරූ­ප­යක් පේන්න තිබෙ­නවා. මේ අව­ස්ථාවේ ගත යුතු හොඳම ක්‍රියා­මා­ර්ගය තමයි ව්‍යව­ස්ථා­නු­කූ­ලව ජනා­ධි­ප­ති­ව­ර­ණය හා අනෙ­කුත් මැති­ව­රණ පවත්වා ස්ථාවර රජ­යක් හදන එක. හැබැයි රටේ ජන­තා­වට වග­කී­මක් තිබෙ­නවා රට ගොඩ­න­ඟන්න පුළු­වන් කෙනෙක් පත් කර­ගන්න. එහෙම නැතුව බොරු කයි­වාරු ගහන අයට රැව­ටිලා ඡන්දය දීලා නුසු­දුසු කෙනෙක් පත් කළොත් එයාට වෙන්නෙත් ආණ්ඩුව දාලා පැනලා යන්නයි. කයි­වාරු ගහලා ඡන්ද දිනන්න පුළු­වන්. නමුත් ඊට පස්සේ රට පව­ත්වා­ගෙන යන එක තමයි කරන්න බැරි. පාර්ලි­මේ­න්තුවේ එක ආස­න­යක් තිබුණු රනිල් වික්‍ර­ම­සිංහ කඩා වැටුණු රට ගොඩ­නැ‍ඟීමේ අභි­යෝ­ගය බාර ගත්තා. යම්තාක් දුරට ඔහු අද රට ස්ථාවර කර තිබෙ­නවා. රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාට නැව­තත් ජන­පති වෙන්න අවශ්‍ය නම් තමන්ගේ වැඩ­පි­ළි­වෙළ සම්බ­න්ධ­යෙන් රටේ ජන­තා­වට විශ්වා­ස­යක් ඇති කරන්න ඕනේ. මේ වෙලාවේ රටේ දේශ­පා­ල­න­ඥයෝ යථා­වාදි විය යුතුයි. රට ගැන හිතලා වැඩ කළ යුතුයි.

හිටපු මුදල් අමා­ත්‍ය­ව­ර­යෙක් වශ­යෙන් මම එකක් කිය­න්නම ඕනේ. අද මේ රට වංචා දූෂ­ණ­ව­ලින් හොර­කම් මැර­ක­ම්ව­ලින් පිරිලා ඉති­රිලා ගිහිල්ලා තියෙන්නේ. ඉහළ සිට පහ­ළ­ටම විවි­ධා­කා­ර­යෙන් තමන්ට හැකි පම­ණින් වංචා දූෂණ කර­නවා. මේ තත්ත්වය සීයට සීයක්ම නැති කර ගත්තේ නැත්නම් රට ගොඩ­ගන්න බැහැ. මේ වංචා දූෂණ නැති කරන්න නම් ස්ථාවර රජ­යක් ඕනේ. අද මේ රටේ ජන­තාව බදු බරින් මිරි­කිලා දැඩි ආර්ථික සට­නක නිරත වෙලා ඉන්නවා. රටේ ජන­තාව මේ තත්ත්ව­යෙන් ගොඩ ගන්න නම් ස්ථාවර රජ­යක් එන්නම ඕනේ. එහෙම නැතුව මොනවා කළත් වැඩක් නැහැ.“

 

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us