කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතාගේ උපදේශකත්වය යටතේ එම අමාත්‍යාංශය විසින් මෙරට තරුණ ප්‍රජාව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්තයට ආකර්ෂණය කරගැනීමේ අරමුණින් තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ.
නියමු ව්‍යාපෘතියක් වශයෙන් 2023දී ගම්මාන 11ක් තෝරාගෙන මේ වැඩපිළිවෙළ ආරම්භ කළ අතර, එම ගම්මානවල ක්‍රියාත්මක කළ සියලු ව්‍යාපෘති සාර්ථකවී තිබේ. එබැවින් අද (01) සිට මේ මස 07 වැනි දින දක්වා තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන පිහිටුවීමේ සතියක් ප්‍රකාශයට පත් කිරීමට කටයුතු යොදන ලෙස ඇමැතිවරයා උපදෙස් දී තිබිණි.
ඒ අනුව දිස්ත්‍රික්ක 25ම නියෝජනය වන පරිදි ගම්මාන 160ක් තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන ලෙස තෝරාගෙන සංවර්ධන කටයුතු ආරම්භ කෙරෙන අතර, සියලු ව්‍යාපෘති සඳහා තරුණ ප්‍රජාවේ නියෝජනයට ප්‍රමුඛත්වය දෙනු ඇත. එමෙන්ම එක් ගමකට පළමු අදියර යටතේදී රුපියල් මිලියන 10ක් වශයෙන් ගම්මාන 160ට රුපියල් මිලියන 1600ක් වෙන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
මේ ගම්මානවල විශේෂ ව්‍යාපෘතියක් වශයෙන් එක් ගමකින් පවුල් 20ක් තෝරාගෙන කුකුළු පාලනය සඳහා අවශ්‍ය පහසුකම් ලබා දීමට නියමිතය. ඒ අනුව එක් පවුලකට ලේයර් වර්ගයට අයත් කුකුළු පැටවුන් 50ක් බැගින් දෙයි. ගම්මාන 160 තුළ පවුල් 3200ක් තෝරාගන්නා අතර, ඔවුන් අතර බෙදා හරින කුකුළු පැටවුන් ප්‍රමාණය 160,000කි. මේ තරුණ ව්‍යවසායකත්ව ගම්මාන තුළ මීට අමතරව ස්වයංරැකියා වශයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා වන ව්‍යාපෘති රැසක් සඳහා අවශ්‍ය තාක්ෂණික සහ මූල්‍ය ආධාර දීමට ද සැලසුම් කර ඇත.
- දිනමිණ