මේ ඉඩම් දෙන්නේ ‌නිකන් නෙවෙයි - ජනපති

Published in පුවත්
Monday, 01 July 2024 17:02

"උරුමය" ජාතික වැඩසටහන යටතේ සින්නක්කර ඉඩම් ඔප්පු ලබාගන්නා සියලුදෙනා කෘෂිකර්ම නවීකරණ වැඩසටහන සමඟ එක් වියයුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

ජනාධිපතිවරයා මේ බව පවසා සිටියේ මොනරාගල දිස්ත්‍රික්කයේ පැවති "උරුමය" ජාතික වැඩසටහනේ අදියරක් සමග  එක්වෙමිනි. 

සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබාදීමේ "උරුමය" ජාතික වැඩසටහන යටතේ මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11ක සුදුසුකම්ලාභීන් 41,960ක් අතුරින් පුද්ගලයන් 600ක් වෙනුවෙන් සංකේතාත්මකව ඔප්පු ප්‍රදානය, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් වැල්ලවාය මහින්ද රාජපක්ෂ සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ පැවැත්වුණි.

"මේ ඉඩම් දෙන්නේ නිකන් නෙමෙයි. සල්ලි ඉල්ලන්නේ නෑ. මේ හැම එක්කෙනාම අපේ කෘෂිකර්ම නවීකරණ වැඩසටහනට එකඟවෙන්න ඕනේ. ගොවිතැන් කරන අය. එතනට එන්න. අපි ආධාර උපකාර දෙන්නම් ආපහු මේ ප්‍රදේශය දියුණු කරන්න. අපනයන ආර්ථිකයකට යන්න. මොකද්ද අමාරුව. ළඟ තියෙනවා වරායක්. ළඟ තියෙනවා ගුවන් තොටුපොළක්. ඊළඟ අවුරුදු 30 - 40 දී ලෝකයේ ආහාර සැපයීම විශාල ගැටලුවක්. අපි ආහාර සපයන්න ඕනේ. ඒකෙන් මුදල් උපයාගන්න ඕනේ..."

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us