ලංකා ඛනිජ තල් නීතිගත සංස්ථාව යටතේ පවතින සපුගස්කන්ද තෙල් පිරිපහදුව ඉන් ඉවත් කර වෙනමම රාජ්‍ය ව්‍යවසායක් වශයෙන් පවත්වාගෙන යාමට විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමිව තිබේ.
දිවයිනේ, විශේෂයෙන් දකුණු අර්ධයේ පවතින වියළි කාලගුණයේ තාවකාලික වෙනසක් අද (20) දිනයෙන් පසු අපේක්ෂා කළ හැකිය.
මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සඳහා ඉදිරිපත්ව ඇති යෝජනා නිසි ආකාරයෙන් ක්‍රියාත්මක නොවුන හොත් මැතිවරණය ප්‍රමාද වීමේ අවදානමක් පවතින බව පැෆරල් සංවිධානය පවසයි.
කථානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහි විශ්වාසභංග යෝජනාව අද (20) දෙවැනි දිනටත් පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිත වේ.
චීනයෙන් ඇණවුම් කළ ලොකු ළුෑණු තොග ඉදිරි දින 5 තුළ දිවයිනට ලැබෙනු ඇති බව වෙළෙඳ අමාත්‍යාංශය පවසයි.
කෘත්‍රීම බුද්ධිය පාසල් අධ්‍යාපනයට එක් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සහ මයික්‍රසොෆ්ට් සමාගම අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබේ
දිවයින පුරා පාතාල මර්දනය සදහා විශේෂ කණ්ඩායම් 20 ක්......
දිවයින පුරා අඛණ්ඩව ක්‍රියාත්මක යුක්ති මෙහෙයුමට සමගාමීව 2024.03.19 දින සිට පාතාල මර්දනය සදහා විශේෂ කණ්ඩායම් 20 ක් පිහිටුවීමට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් කටයුතු කර ඇත.
පෙළපොත් සහ නිල ඇදුම් රෙදි නොලද පාසලක් වේ නම් දැනුම් දෙන්න
රජයේ පාසල් සිසුන් වෙත 2024 වර්ෂයට අදාළව පාසල් පෙළපොත් සහ නිල ඇදුම් සදහා රෙදි නොලද පාසලක් වේ නම් ඒ පිළිබදව අධ්‍යාපන අමාත්‍යංශයට දැනුම් දෙන ලෙස විදුහල්පතිවරු දැනුවත් කර එම අමාත්‍යංශය නිවේදනයක් නිකුත් තිබේ.
මේ දක්වා පාසල් පෙළපොත් නොලැබුණු පාසල් වේ නම් 0112784815 හෝ 0112785306 යන දුරකථන අංක වෙතද, නිල ඇදුම් රෙදි නොලැබුණු පාසල් සම්බන්ධයෙන් 0112785573 යන දුරකථන අංකයටද දැනුම් දීමට හැකි බව අමාත්‍යංශය පවසයි.
මේ වනවිට සියලු පාසල් වෙත නිල ඇදුම් රෙදි සහ පාසල් පෙළ පොත් දිවයින පුරා කොට්ඨාශ අධ්‍යාපන කාර්යාල වෙත ලබා දී අවසන් බව අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් සදහන් කරයි.