තරගය තියෙන්නෙ අපි දෙන්නා අතර. එන්න විවාදයට. ජනපති අනුරට යළිත් අභියෝග කරයි.
අනුර කුමාර දිසානායක විවාදයකට කළ අභියෝගයට තමා සුදනම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ප්‍රතිඵල එන්නත් කලින් සජබේ කැරැල්ලක්. හර්ෂට ලොකු පුටුවක්!
ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය ලැබෙන්නටත් පෙර සමගි ජන බලවේගයේ මීලග නායකත්වය සමබ්න්ධයෙන් අභ්‍යන්තර කැරැල්ලක් නිර්මාණය වී ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග මේ දක්වාත් අනුර කුමාර දිසානායක මහතා සාකච්ඡා කර නොමැති බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ආර්ථිකය ගැන දැනුමක් නැති සජිත් වෙනුවෙන් හර්ෂ, කබීර්, ඉරාන් වැනි අය සහාය දීම පුදුමයක්
සමඟි ජන බලවේගයේ ආර්ථිකය පිළිබඳ දැනුමක් ඇති හර්ෂ, කබීර්, ඉරාන් ආර්ථිකය පිළිබඳ ක්‍රියාත්මක වෙන්න බැරි නායකයකු පසුපස යන බවත් ආර්ථිකමය වශයෙන් මේ අපරාධය රටට කරන්නේ ඇයිදැයි තමාට විමතියක් බව මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළේය. ඔහු මේ බව පැවසුවේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට පෙරේදා (15) එක් වෙමිනි.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
2024 අ.පො.ස. උසස් පෙළ විභාගය නොවැම්බර් 25 වන දා ආරම්භ කරන බව විභාග කොමසාරිස් ජනරාල් එච්.ජේ.එම්.සී. අමිත් ජයසුන්දර පවසයි.
මහා සංඝරත්නය රනිල් වෙනුවෙන් නාමල් ගෙන් ඉල්ලීමක් කරයි
නාමල් රාජපක්ෂ මහතා ජනාධිපති ධුර අපේක්ෂත්වයෙන් ඉවත්කර එම පාර්ශ්වයේ සහායත් ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදෙන මෙන් පූජ්‍ය දොඩම්පහල රාහුල හිමියන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් අද ඉල්ලීමක් සිදු කර තිබේ.
2022 වසරේ අප්‍රේල් මාසයේ දී තාවකාලිකව ණය ගෙවීම අත්හිටුවීම ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව සියලු විදේශීය ණය ආපසු නොගෙවන බව කීම අසත්‍යයක් බවත්, 2022 වසරේ අප්‍රේල් මාසයේ දී ප්‍රකාශයට පත් කරන ලද තාවකාලික ණය ගෙවීම අත්හිටුවීම අදාළ වනුයේ විදේශීය වානිජ ණය හා නිල ද්විපාර්ශවික ණය සඳහා පමණක් බවත් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය පවසයි.

