කොල්ලුපිටිය මුහන්දිරම් පාර අසල අහසට යවා තිබූ සරුංගලයක් පොලිසියේ මැදිහත් වීමෙන් ඊයේ  සවස හදිසියේ බාන්නට සිදු විය. ඒ එම සරුංගලය අහසේදී අරලියගහ මන්දිරය සීමාවට පැමිණීම හේතුවෙනි.

විශාදය රෝගයට (depression) විද්‍යුත් කම්පන ප්‍රතිකාරය නොමිලයේ ලබාදීමේ නවතම ක්‍රමවේදයක් ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ ආරම්භ‍ කෙරේ.

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් සංවිධානය කරන ලද වැඩ මුළුවකට සහභාගී වීම පිණිස යාපනයේ සිට කොළඹ බලා ගමන් ගනිමින් සිටි මාධ්‍යවේදීන් පිරිසක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා ප්‍රවෘත්ති සාකච්ඡාවක් සංවිධානය කිරීම හේතුවෙන් තමන්ට දුරකථනය ඔස්සේ මරණ තර්ජන එල්ල වූ බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ලේකම් සුනිල් ජයසේකර මහතා පවසයි.

මාතලේ රෝහලේ දැඩි සත්කාර ඒකකයට රෝගීන් ඇතුළත් කරගැනීම තාවකාලිකව නතර කර තිබේ.

විලවුන් උපකරණ හා ඖෂධ අධිකාරිය කළ සමීක්ෂණයක් මඟින් ලිංගික උත්තේජනය සඳහා භාවිත කරන ඖෂධයක් රට පුරා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව අනාවරණය වී ඇත.

දකුණු කලාපයට බලපා ඇති නියං තත්වය හේතුවෙන් යාල වනෝද්‍යානයේ වන සතුන්ට බීමට අවශ්‍ය ජලය සැපයීමට යොදවා තිබූ බවුසරය මේ වන විට වෙනත් කටයුතු සඳහා යොදාගෙන ඇති බව පරිසර සංරක්ෂණ භාරය පවසයි.

සමාජවාදී තරුණ සංගමය විසින් ප්‍රකාශයට පත්කර ඇති සහෝදරත්වයේ දිනය නිමිත්තෙන් සංවිධානය කරන ලද ''සහෝදරත්වයේ සිත්තම'' චිත්‍ර කඳවුර ඊයේ (26) දවස පුරා කොළඹ විහාරමහාදේවී උද්‍යානයේදී පැවැත්විණ.

අතුරුදන් වුවන් පිළිබඳ සොයා බැලීම සඳහා පත්කර ඇති ජනාධිපති කොමිසමට සාක්‍ෂි ලබාදෙන පුද්ගලයින් සඳහා බලපෑම් කරන බවට අමෙරිකාව නගා ඇති චෝදනා සාවද්‍ය බව යුධහමුදාව පවසයි. 

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us