පිලිකා රෝගය නිසාවෙන් අද (13දා) උදෑසන දිවියෙන් සමුගත් ප්‍රවීණ රංගන ශිල්පිනී රෙබෙකා නිර්මලී මහත්මියගේ අවසන් කටයුතු හෙට  (14)  සවස 4.00ට බොරුල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතව තිබේ.

ඉන්දියාවේ දිල්ලි විශ්ව විද්‍යාලයය ප්‍රථම වතාවට ස්ත්‍රී හෝ පුරුෂ නොවන ලිංගිකත්වයෙන් යුත් අයැදුම්කරුවන් පිළිගෙන තිබේ.

තරුණ බව රැක ගැනීම සඳහා එන්නතක් ලබා ගැනීමෙන් පසු වෛද්‍යවරියක මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යාංශය විශේෂ පරීක්ෂණයක් කි‍්‍රයාත්මක කරනයි.  ඒ අනුව අද උදෑසන ජාතික ඖෂධ අධිකාරියේ විශේෂ විමර්ෂණ කණ්ඩායමක් බම්බලපිටියේ පිහිටි අදාළ රූපලාවණ්‍ය සායන මධ්‍යස්ථානය පරීක්ෂා කළේය.

යුද හමුදාවේ කර්නල්වරුන් 24 දෙනකු බ්‍රිගේඩියර් නිලයට උසස් කිරීමට යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් දයා රත්නායක මහතා පියවර ගෙන ඇත.

යුද්ධයේදී අතුරුදහන් වුවන් සොයා බැලීමට කියමින් රාජපක්ෂ රෙජීමය පත් කළ ජනාධිපති කොමිෂමට පසුව  පත් කළ ජාත්‍යන්තර විශේෂඥයින් තිදෙනා අපරාධ කළ ලොක්කන් බේරා සොක්කන් පිට වරද පැටවීම ගැන ඉන්ටර්නැෂනල් කප් ගැසූ තිදෙනෙක් බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

ඉන්  එක් අයෙක් ගඩාෆි ඒකාධිපතියා බේරා ගැනීමට ඉදිරිපත් වූ කුප්‍රකට අයෙක් බවද අද හෙළිවිය. 

උතුරු ඉරාකයේ සින්ජා කඳුවැටියේ තුළ සිරවී සිටින යසිඩිස් නැමැති සුළු ජාතිකයිින් සමූල ඝාතනයට ලක්වීමේ අවදානමක් පවතින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

ආණ්ඩුවේ අමාත්‍යවරුන් කිහිපදෙනෙකු අද පෙරවරුවේ අස්ගිරි මහනාහිමියන් බැහැදැක බොදු බල සේනා සංවිධානයෙන් ඇමතිවරුන්ට පෞද්ගලිකව එල්ලවී ඇති තර්ජන සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කර ඇත. 

ඌව පළාත් සභා මැතිවරණයේදී එල්ල වී ඇති තර්ජන හේතුවෙන් මැතිවරණ නිලධාරින් පසුබෑමකට ලක්ව ඇතැයි මැතිවරණ නිරීක්ෂණ සංවිධාන කියයි. 

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us