ඡන්ද ප්‍රතිඵල නිකුත්වීමෙන් පසු ප්‍රජාතන්ත්‍රවාදය ජයග්‍රහණය කිරීමේ සතුට පක්‍ෂ විපක්‍ෂ සියලූ ජනතාව සමග සාමකාමීව, සහෝදරත්වයෙන් බෙදා හදා ගන්නා ලෙස ද විශේෂයෙන් විරුද්ධ අදහස් දැරූ ඔබේ අසල්වාසීන් ආරක්‍ෂා කොට ශීලාචාර නව දේශපාලන සංස්කෘතියක මූලාරම්භය ලොවට පෙන්වන ලෙස ද පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක ලෙස ඉතා ඕනෑකමින් ඉල්ලා සිටින බව විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

අද මධ්‍යම රාත්‍රියේ සිට ෆේස් බුක් සමාජ ජාලය අවහිර කිරීමට රාජපක්ෂ පවුල් ආණ්ඩුව උත්සහ ගනිමින් සිටින බව වාර්තාවේ.

මීට පැය කිහිපයකට පෙර කොට්ටේ මාදිවෙල ඊයම්පොරුව විහාරය පැමිණි ගොඨාභය රාජපක්ෂ එහි සූදානම් කර තිබූ උත්සවයකදී ප්‍රදේශවසීන්ට පාසල් පොත් බෑග්, රෙදි පිළි ආදිය බෙදා දී මහින්ද රජපක්ෂ වෙනුවෙන් ඡන්දය පාවිච්චි කරන්නයැයි පවසා ඇත.

ජනපති ජනහමුව වැඩසටහන පැවැත්වීමට අවසර ලබාදෙන ලෙස කඩුවෙල දිසා අධිකරණයට අද ඉදිරිපත් කළ පෙත්සම නිශ්ප්‍රභ කෙරුණු බව ජනාධිපති නීතිඥ රොනල් පෙරේරා මහතා පැවසීය.

දැව සංස්ථාවේ සභාපති සිරිපාල අමරසිංහ විසින් අද (07) එම සංස්ථාවේ ජාතික සේවක සංගම් සභාපතිවරයාට ගිනි අවි පෙන්වා මරණ තර්ඡන එල්ල කර තිබේ.

පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ කහවත්ත නගරයේ අවසන් ඡන්ද රැලියේ සැරසිලි කරමින් සිටියදී වෙඩි ප්‍රහාරයකට ලක්වූ කහවත්ත වෙළඳ සංගමයේ ලේකම් කරුණාසේන ශාන්ත දොඩම්ගොඩ මහතා මරණයට පත්ව ඇතැයි රෝහල් ආරංචිමාර්ග පවසයි.

එකාධිපති මහින්ද රාජපක්ෂ පවුල් ආන්ඩුව පරාජය කිරීම වෙනුඑන් වෙහෙසෙන සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයන් දෙදෙනකු වන බ්‍රිටො ප්‍රනාන්දු මහතා හා ප්‍රසංග ප්‍රනාන්දු යන අයට අද දින දුරකතන ඇමැතුමක් ලබා දුන්නකු විසින් බල්ලන් මෙන් මරා දමන බවට තර්ජනය කර තිබේ.

අද පෙරවරුවේ සිටම ඡන්ද මධ්‍යස්ථාන ආශ‍්‍රිතව විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක කිරීමට නියමිතය. ඡන්ද දායකයින්ගේත් නිලධාරීන්ගේත් ආරක්‍ෂාව සම්බන්ධයෙන් පොලිස්පතිවරයා තමන්ට සහතිකයක් ලබාදුන් බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය මහතා පවසයි.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us