අත්අඩංගුවට ගනු ලැබූ අත්තනායක මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ප්‍රකාශයක් සටහන් කර  ගෙන ඔහු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 11 වන දින දක්වා රිමාන්ඩ් බන්ධනාගර ගත කිරීමට කොළඹ කොටුව අතිරේක මහේස්ත්‍රාත් ජයන්ත ඩයස් නානායක්කාර නියෝග කරන ලදී.

ස්වාධීන රූපවාහිනි සේවයේ ප‍්‍රවෘත්ති අංශයේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සුදර්මන් රදලියගොඩට විදේශ ගමන් තාවකාලිකව තහනම් කරමින් කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය අද (02) නියෝගයක් නිකුත් කළේය.

නව රජයේ අතුරු අයවැය මගින් කැසිනෝ ව්‍යාපාරිකයින්ගෙන් එක් කැසිනෝ බලපත්‍රයක් සඳහා රුපියල් මිලියන 1000 ක විශේෂ බද්දක් අය කිරීමට තීරණය කිරීම හමුවේ මෙරට කැසිනෝ ව්‍යාපාරික කටයුතු කරන ධම්මික පෙරේරා සහ රවී විජේරත්න යන ව්‍යාපාරිකයින් සිය කැසිනෝ සූදු පොළවල් කිහිපයක් වසා දැමීමට තීරණය කර ඇතැයි අනාවරණය වේ.

ත්‍රිවිධ හමුදාවට පොලිස් බලතල පවරන ජනාධිපති රෙගුලාසි වලට එරෙහිව පෙරටුගාමී සමාජවාදී පක්ෂය මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද ගොනු කළේය.

වැලිකඩ බන්ධනාගාරයේදී 2012 වසරේ නොවැම්බර් මස 9 වැනිදා සිදුවූ කළහකාරී සිද්ධියේදී රැඳවියන් 27 දෙනෙකු මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් යහපාලනයක් සඳහා වූ නීතීඥයෝ සංවිධානයේ නීතීඥයින් පිරිසක් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිස්ස අත්නායක මහතා අද (02)දහවල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා යටතේ පැවති මහාමාර්ග අමාත්‍යාංශය පසුගිය වසරේදී රුපියල් කෝටි 5000 කට අධික මුදලක් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සදහා වැය කර ඇති බව මූලික පරීක්ෂණවලදී හෙළිවී ඇතැයි මහාමාර්ග සහ ආයෝජන ප්‍රවර්ධන ඇමති කබීර් හෂීම් මහතා පැවසුවේය.

ඊයේ (01) නාවික හමුදා හා හැව්ලොක් රග්බි කණ්ඩායම අතර වැලිසර පැවැති රග්බි තරගයෙන් නාවික හමුදා කණ්ඩායම පරාජය වීමෙන් අනතුරුව එම කණ්ඩායමේ කිහිප දෙනෙකු විසින් එම තරගයේ විනිසුරුවරුන්ට හා ප්‍රතිවාදී කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිප දෙනෙකුට පහර දී ඇති බව වාර්තාවේ.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us