මාධ්‍යවේදීන් වෙනුවෙන් කොළඹට නුදුරු පරිශ‍්‍රයක්- ගයන්ත

Published in පුවත්
Tuesday, 24 March 2015 13:44

මාධ්‍යවේදීන්ගේ සුබසාධනය වෙනුවෙන් වෙනුවෙන් කොළඹට නුදුරු සුදුසු පරිශ‍්‍රයක් පිහිටුවීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා ජනමාධ්‍යවේදීන්ගේ ජාතික සංවිධානයේ නිළධාරීන් හමුවේ ජනමාධ්‍ය ඇමති ගයන්ත කරුණාතිලක මහතා පැවැසීය.

ඇමතිවරයා එසේ පැවැසුවේ පසුගියදා පාර්ලිමේන්තුවේ ආණ්ඩුපක්ෂ කාර්යාලයේ දී ශ්‍රී ලංකා ජනමාධ්‍යවේදීන්ගේ ජාතික සංවිධානයේ නිළධාරීන් සමග පැවැති ජාතික සාකච්ඡාවේදීය. රාජකාරී සහ විශේෂඥ වෛද්‍ය ප‍්‍රතිකාර ආදී විවිධ අවශ්‍යතා සඳහා දුර බැහැර සිට කොළඹට පැමිණෙන වෘත්තීය මාධ්‍යවේදීන්ට රාත‍්‍රී නවාතැන් පහසුකම් සැපයීම ආදය එමගින් සිදුවේ.

මෙහිදී ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය සංවර්ධනය හා සුබසාධනය වෙනුවෙන් යෝජනාවලියක් ඉදිරිපත් කෙරුණි.

මාධ්‍යවේදීන් සඳහා සකස් කර ඇති විශ‍්‍රාම වැටුප් පනත් කෙටුම්පත සංශෝධන සහිතව ඉදිරිපත් කිරීම, වාහන ණය යෝජනා ක‍්‍රමය නැවත ක‍්‍රියාත්මක කිරීම, තීරුබදු රහිතව යතුරුපැදි ලබා ගැනීම, විද්‍යුත් මාධ්‍ය උපකරණ ලබා ගැනීම සඳහා ණය යෝජනා ක‍්‍රමයක් මෙන්ම අක‍්‍රීයව පවතින රක්ෂණ ක‍්‍රමය වෙනුවට නව රක්ෂණ ක‍්‍රමයක් ක‍්‍රියාත්මක කිරීම හා මාධ්‍යවේදීන්ට නිවාස යෝජනා ක‍්‍රමයක් ආරම්භ කිරීම ආදී යෝජනා ඉදිරිපත් විය.

තව ද ජනමාධ්‍ය වෘත්තීයට බඳවා ගැනීමේදී නිර්නායක සහිත විධිමත් ක‍්‍රමවේදයක් සකස් කිරීමත් ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ම`ගින් ලබා දෙන හැ`දුනුම්පත පිළිබඳ ක‍්‍රමවේදය යාවත්කාලීන කිරීමට ද යෝජනා කෙරිණි.

එම සාකච්ඡවේ දී අදහස් දැක් වූ ගයන්ත කරුණාතිලක මහතා ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය ගෞරවය ආරක්ෂා වන පරිදි නිදහසේ කටයුතු කිරීමට හැකි වාතාවරණය සකස් කර ඇති බවත් ඔවුන්ගේ සුබසාධනය වෙනුවෙන් විවිධ සංවිධාන හා මාධ්‍යවේදීන් විසින් ඉල්ලීම් රැසක් ඉදිරිපත් කර ඇති බවත් පැවසුවේය. මේ සියල්ලෙන් ප‍්‍රමුඛතාවය ලබා දිය යුතු පිළිවෙල අනුව වහාම ක‍්‍රියාත්මක කල යුතු යෝජනා ගැන අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇතැයි ද පැවසුවේය.

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කරුණාරත්න පරණවිතාන, ශ්‍රී ලංකා ජනමාධ්‍යවේදීන්ගේ ජාතික සංවිධානයේ සභාපති දයා පෙරේරා, ප‍්‍රධාන ලේකම් එස්. මඩවල, ජාතික සංවිධායක උදේනි චන්ද්‍රසිරි යන මහත්වරු සමග එම සංවිධානයේ නියොජිතයන් රැසක් සහභාගී මේ සදහා සහභාගි වූහ.

Last modified on Tuesday, 24 March 2015 13:54

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us