දීමුගේ පුතාට ඇප(update)

Published in පුවත්
Wednesday, 21 January 2015 12:29

හිටපු අගමැති පුත් අනුරාධ ලංකා ජයරත්න, උඩපළාත ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුමුදු බණ්ඩාර, ගම්පොළ නගර සභාවේ නාගරික මන්ත්‍රී තරංග විට්ටච්චි හා ප්‍රභූ ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරීවරයාට ඇප ලබාදී තිබේ.

අගලවත්ත නගරයේදී පාලින්ද නුවර ප‍්‍රාදේශීය සභාවේ සන්ධාන මන්ත‍්‍රීවරයෙකුට පහර දී දණ ගැස්සවීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ ප‍්‍රධාන සැකකරු වන එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාලිත තෙවරප්පෙරුම අද (21දා) කොළඹ අපරාධ කොට්ඨාසයට බාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබේ.

විවෘත විශ්වවිද්‍යාලයේ ගැටලු වලට විසඳුම් ඉල්ලා එම විශ්වවිද්‍යාලයේ සිසුන් විසින් ආරම්භකර ඇති සත්‍යග්‍රහයට අදට දින 36 කි. එම සත්‍යග්‍රහය සඳහා අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු මණ්ඩලයද අද (21දා) එක්විය.

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැරණි ක‍්‍රමයට පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර අැත. පැරණි ක‍්‍රමයටම ප‍්‍රශ්න පත‍්‍ර දෙකක් සිසුන්ට ලබාදීමට තීරණය කර ඇති බව විෂය භාර අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් කියා සිටියේය. මීට පෙර සන්ධාන රජයේ අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ බන්දුල ගුණවර්ධන ශිෂ්‍යත්ව විභාගය සදහා එක් ප‍්‍රශ්න පත‍්‍රයක් ලබාදීමට කටයුතු කළේය.

නීති විරෝධී ලෙස අලි පැටවුන් ලියාපදිංචි කිරීමේ දේශපාලන කි‍්‍රයාවලිය පිළිබඳ නව රජයේ කැබිනට් අමාත්‍ය මණ්ඩලය දැනුවත් කිරීමට පරිසරවේදීන් තීරණය කර අැත.

විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ක්ෂණිකා හිරිඹුරේගම මහත්මිය වහාම කි‍්‍රයාත්මක වන පරිදි එම ධුරයෙන් ඉවත් කරන ලෙස විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය නව රජයට බලකර සිටියි.

මංගල වටේ හොරු කැරකේ.

Published in පුවත්
Wednesday, 21 January 2015 09:37

විදේශ ඇමැති මංගල සමරවීර මහතා ඊයේ විදුලි සංදේශ ඇමැතිවරයා ලෙස වැඩ බාර ගැනීමත් සමඟ ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම හා ඊට අනුබද්ධව පවතින ආයතනවල දූෂණ වංචාවලට සම්බන්ධව පුද්ගලයන් හා එවැනි කරුණු නිසා එම ආයතනවලින් නෙ‍රැපීමට ලක්වූවන් කිහිප දෙනෙකු මංගල සමරවීර මහතා වෙත සුභ පැතුම් පණිවිඩ එවා තිබෙන බව වාර්තා වේ.

උතුරු පළාත් සභා මන්ත්‍රිනී ආනන්දි සසිදරන්ගේ පක්‍ෂ සාමාජිකත්වය තමිල් අරසු කච්චි පක්‍ෂය අත්හිටුවා ඇත.


පසුගිය ජනාධිපතිවරනයේදී දෙමළ ජාතික සන්ධානය කොන්දේසි විරහිතව මෛත්‍රීපාල සිරිසේන මහතාව පක්ෂපාතිත්වය දැක්වීමට තීරණය කර තිබියදී මෛත්‍රීපාල සිරිසේන මහතා ඊලම විරුද්ධ බවත් දෙමළ ජනයාට ඉන් සහනයක් නොලැබෙන බවත් ආනන්දි සසිදරන් මහත්මිය මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් පැවැසුවාය. එමෙන්ම ඡන්දය වර්ජනය කරන ලෙසත් ඇය උතුරේ දෙමළ ජනතාවගෙන් ඉල්ලා සිටියාය.


මේ අනුව දෙමළ ජාතික පක්ෂයේ ප්‍රධන පක්ෂය වන තමිල් අරසු කච්චි පක්ෂයේ සාමාජිකාවක් වන සසිදරන්ට, පක්‍ෂයේ විනය කැඩීම පිළිබඳව චෝදනා එල්ල වී තිබේ. ඇගේ පක්‍ෂ සාමාජිකත්වය නතර කිරීමේ ලිපිය පක්‍ෂ ලේකම් කේ. තුරෙයිරාජසිංහම් විසින් ඊයේ යවා ඇත.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us