දිගටම සටන් කරනවා

Published in පුවත්
Wednesday, 10 December 2014 14:40

මේ රටේ මාධ්‍යවේදීන්ට හා ජනතාවට නිදහසේ කටයුතු කිරීමේ අයිතිය අහිමිවී ඇති බවත් අහිමිවූ ඒ නිදහස ලබා ගැනීම සදහා කටයුතු කරන බවත් මාධ්‍යවේදී සමන් වගාරච්චි මහතා අද (10) පැවති මාධ්‍යවේදීන්ගේ සමුළුව අමතමින් ප‍්‍රකාශකර සිටියේය.

හරීන් ප්‍රනාන්දු මහතා ආණ්ඩුවට එක්වන බවත් ඊට අදාල සාකච්ඡාවක් ඊයේ(09)දින ගෝඨාභය රාජක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු බවත් ඇමැති විමල් වීරවංශ මහතාගේ ලංකා සී නිවුස් වෙබ් අඩවිය වාර්තා කරඇත.

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා නීති විරෝධී ප්‍රදර්ශන පත්‍රිකා, ජායාරූප, අත්පත්‍රිකා කටවුට් ඉවත් කිරීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුවට තාවකාලික සුළු කම්කරුවන් සේවයට බඳවා ගැනීමට මැතිවරණ කොමසාරිස්වරයාගේ අනුමැතිය හිමිව තිබේ.

රට රැක ගත් වීරෝධාර රණවිරුවන් රටේ විවිධ කටයුතු සඳහා යොදා ගැනුණි. මේ වන විට රණවිරුවන්ට මෙතෙක් නොවූ වන කටයුත්තක් භාර දී ඇත. ඒ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ කටවුට් ‍රැකීමය. මේ වෙනුවෙන් විශේෂ හමුදා කණ්ඩායමක් මේ වනවිට පත් කර ඇති බවට වාර්තා වේ.

ශ‍්‍රී ලංකාවේ දෙමළ ජනතාවට සාධාරණය ඉටු කිරීම සඳහා ජනමත විචාරණයක් පැවැත්වීමට මැදිහත් වන්නැයි තමිල්නාඩු එම්.ඞී.එම්.කේ පක්ෂය යුරෝපා සංගමයෙන් ඉල්ලිමක් කර ඇත.

පාතදුම්බර එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශිය සභා මන්ත්‍රී අතුල බණ්ඩාර ඒකනායක මහතාගේ වත්තේගම, මීගමවත්ත ප්‍රදේශයේ පිහිටි නිවසට කිසියම් පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

මුස්ලිම් කොංග්‍රසය ඉදිරි ජනාධිපතිවරණයේදී ගතයුතු ස්ථාවරය සම්බන්ධයෙන් එම පක්ෂය තුළ බෙදීමක් පවතින බව වාර්තා වේ.

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා පෙරේදා (08දා) එම තනතුරින් ඉල්ලා අස්වූයේය. ඒ නිසා නායක රනිල් වික්‍රමසිංහ මහතාට පැවරී ඇති බලතලවලට අනුව නව මහලේකම්වරයා ලෙස කබීර් හෂීම් මහතා පත්කර තිබේ.

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us