දෙමළ සන්ධානය හෝ තමන් කිසි දිනෙක ඊළමක්‌ ඉල්ලුවේ නැති බවත් ඒකීය රටක්‌ තුළ සමානාත්මතාවකින් ජීවත්වීම දෙමළ ජනතාවගේ ප්‍රාර්ථනාව බවත් මන්නාරම රදගුරු රායප්පු ජෝශප් පියතුමා ඊයේ (30 වැනිදා) පොදු අපේක්‍ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවේ ප්‍රකාශ කර සිටියේය.

අද  පිටරටින් නළු නිළියෝ ගෙනල්ලා ඉතාමත්ම පහත් අන්දමින් තමන්ගෙ ඇඟ බේර ගන්න හදනකොට අනිත් පැත්තෙන් මිහින්ද රාජපක්ෂ කොයිතරම් බංකොළොත් වෙලාද කිව්වොත් අද යුද්ධය විකුණගෙන කාල ඒකත් හරි යන්නෙ නැතුව රණවිරුවෝ විකුණගෙන කාපු මහින්ද රාජපක්ෂ දැන් ශ්‍රී ලංකාවේ ජාතික ගීයත් විකුණගෙන කන තත්වයට පත් වෙලා. මහින්ද රාජපක්ෂගෙ දැන්විම් ව්‍යාපාරයට ජාතික ගියේ කොටස් එක් කර ගැනීමෙන් ඒක පැහැදිලි වෙනවා. යැයි එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා අද පැවැති මාධය සාකච්ඡාවකදි පැවසීය.

වත්මන් ආණ්ඩුවට එරෙහිව දෙවැනි නිදහස අරගලය දියත් කිරීමට තමන්ගෙන් ඉගෙන ගත් ලක්ෂ 12ක සිසු පිරිසකට ආරාධනා කර සිටින බව උපුල්ශාන්ත සන්නස්ගල මහතා පැවසීය.
 
සියඹලාණ්ඩුවේ සිටිනා සත්තු යොදාගෙන මිනිස්සු පාලනය කිරීමට පටන් ගෙන තිබීම අනුමත කළ නොහැකි බවත්, එවැනි රටක ජීවත්වීමෙන් ඵලක් නොවන බවත් ඔහු පැවසුවේය. 
ස්ත්‍රී දූෂණ හා ඝාතන චෝදනා එල්ලවී ඇති  ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් වරයකු හා ජනාධිපතිගේ කලා උපදේශකයා යැයි කියනු ලබන  ලේක් හවුස් ආයතනයේ නියෝජ්‍ය කළමණාකාරවරයකු වන සමන් දිසානායක වහා ක්‍රියාත්මක වන පරිදී  කලා ක්ෂේත්‍රයේ  ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු බාර දී තිබේ.

(update) ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්ද ප්‍රචාරක කටයුතු සඳහා එක්වීමට පැමිණි බොලිවුඩ් නළු සලමන් ඛාන් ඊයේ (29) රාත්‍රියේම නැවත ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇත. ඔහුගේ පරිවාර රථයකට ඊයේ වැලිකඩ ප්‍රදේශයෙදී දරුවන් දෙදෙනකු යට වී ඇති අතර මෙම දරුවන් දෙදෙනා මේ වන විටත් රෝහල් ගතව සිටී.

පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් මාතර - පඹුරන ඡන්ද මධ්‍යස්ථානයට අයත් වෙලේගොඩ ප්‍රදේශයේ ඉදිකර තිබූ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයක් අද (30) අලුයම 3.00 ට පමණ පරාජය හමුවේ වියරු වැටී සිටින රාජපක්ෂ රෙජිමයේ මැරයන් විසින් කඩා බිද දමා තිබූණි.

අද (30)පෙරවරුවේ දෙමළ ජාතික සන්ධානය කොළඹදී මාධ්‍ය හමුවක් සංවිධානය කරමින් තම සන්ධානයට අයත් සියලූ පක්ෂ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දැක්වීමට තීරණය කළ බව පැවැසීය.

ත්‍රීරෝද රථ කර්මාන්තයේ නිරත වන ලක්ෂ 3කට අධික සාමාජිකයින්ගෙන් සමන්විත ජාතික ඒකාබද්ධ ත්‍රීරෝද රථ රියදුරන්ගේ සහ කර්මාන්තකරුවන්ගේ සම්මේලනය සිය සහාය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ මහතාට ලබා දෙන බව ඊයේ(29) නිවේදනය කළේය.

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us