ඇවන්ට්ගාඩ් නිශ්ශංක අත්අඩංගුවට ගන්න ඇමැතිවරයෙකුට ලොකු උනන්දුවක්

Published in පුවත්
Monday, 04 May 2015 06:29

ඇවන්ට්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් එම සමාගමේ සභාපතිවරයා, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ඉහළ පෙළේ පස්දෙනකු වහාම අත්අඩංගුවට ගැනීම සඳහා ඇමැතිවරයකුගේ දැඩි බලපෑමක් සිදුවෙමින් තිබෙන බව වාර්තාවේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඇවන්ට්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණ පහක් සිදු කර එම පරීක්ෂණවලට අදාළ ලිපිගොනු මේ වනවිට නීතිපති දෙපාර්තමේන්තුව වෙත ලබා දී තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනාවලට වගකියන පස්දෙනකු හඳුනාගෙන ඇති අතර ඔවුන් වන්නේ ඇවන්ට්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාපති, අධ්‍යක්ෂක මංජුල කුමාර, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, රක්නා ලංකා සමාගමේ අධ්‍යක්ෂ පාලිත ප්‍රනාන්දු, ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු අති‍රේක ලේකම් ඩී. එම්. එස්. ජයරත්න යන අය වෙති.

මෙම පස්දෙනා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නීතිපතිවරයාට නිර්දේශ ඉදිරිපත් කර ඇතත් ඔවුන් කිසිවෙක් මේ දක්වා අත්අඩංගුවට පත් නොවීම සම්බන්ධයෙන් අදාල ඇමැතිවරයා විසින් දේශපාලන ප්‍රධානින්ට බලපෑම් කරමින් තිබේ.

කෙසේ නමුත් වාර්තාවන ආකාරයට මෙම සිදු වීම සම්බන්ධයෙන් බරපතල චෝදනාවක් එල්ල වී ඇත්තේ ගෝඨාභය රාජපක්ෂට හා අතිරේක ලේකම් වරයාටය. සේනාධිපතිට එරෙහිව වන චෝදනා පදනම් විරහිත බව පෙනී යන බව මේ සම්බන්ධයෙන් තතු දත් අරංචි මාර්ග පවසයි. ඔහුව අත්අඩංගුවට ගැනීමට බල කරන්නේ අදාල ඇමැතිවරයා හා ඔහු අතර වන පෞද්ගලික අමනාපයකට බවත් දැන ගැනීමට ඇත.

Last modified on Monday, 04 May 2015 06:35

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us