දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා විපක්ෂ නායක ධුරය ලැබීමට වඩාත්ම සුදුසුකම් සහිත මන්ත්‍රීවරයා බව මුස්ලිම් කොන්ග්‍රසය පවසයි.

හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගෙන් මේවන විට ප්‍රකාශයක් සටහන් කරගනිමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක,සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

තිඹිරිගස්යාය ප්‍රදේශයේ ශබ්දාගාරයකදී හඬ කැවුනු චිත‍්‍රපටයක් මගින් මෙරට හමුදාවට අපහාසයක් සිදුවන බවට පොළීසියට ලැබුණු පැමිණිල්ලක් අනුව පොලීසිය මේ පිළිබඳ පරීක්ෂණ සිදුකර ඇති අතර මූලික පරීක්ෂණවලදී එම චෝදනා තහවුරු වී නොමැති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා  සඳහන් කරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් නිල මඩුල්ල විසුරුවා අතුරු කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා හා සංචාරක ඇමැති නවීන් දිසානායක මහතා පියවර ගෙන ඇත.එම ක්‍රිකට් අතුරු කමිටුවේ සභාපති ලෙස හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක සිදත් වෙත්තමුණි මහතා පත් කොට ඇති අතර කමිටුව සාමාජිකයින් 9කින් සමන්විත වේ.හිටපු ක්‍රිකට් පරිපාලකයින් කිහිපදෙනෙකු හා හිටපු ක්‍රීඩකයින් කිහිප දෙනෙකු මෙම අතුරු කමිටුවට ඇතුලත් බව වාර්තා වේ.

 කේවල හා සමානුපාතික ක්‍රම දෙක මිශ්‍ර කර ගත් නව මැතිවරණ ක්‍රමයක් ගැන වූ මැතිවරණ කොමසාරිස්‌ මහින්ද දේශප්‍රිය මහතාගේ යෝජනාව ඔහු විසින් අද (30 දා) දේශපාලන පක්‍ෂ නායකයන් වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

රජයේ දින 100 වැඩපිළිවෙළ යථාර්ථයක් කරමින් නොමිලේ වයිෆයි කලාප 26ක් පිහිටුවීමේ සමාරම්භක උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30දා) පෙරවරු 10.00ට කොටුව දුම්රිය ස්ථානයේ දී සිදුකෙරේ.

උසස් තනතුරු පිළිබඳ පාර්ලිමේන්තු කමිටුව ඉදිරියේ පෙනී සීටීමට නියමිතව ඇති හෙයින් තායිලන්ත තනාපතිනිය වශයෙන් ක්ෂෙනුකා සෙනවිරත්න මහත්මියගේ පත්වීම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇත.

මත්තලට ඉල්ලුමක් !

Published in පුවත්
Sunday, 29 March 2015 19:45

විදෙස් ආයතන පහක් මේ වන විට මත්තල ගුවන් තොටුපළ බදු පදනම යටතේ ලබා ගැනීම සඳහා ඉල්ලුම් කර ඇති බව වාර්තාවේ. ගුවන් නියමු පුහුණු, ගුවන් යානා ඉංජිනේරු පුහුණු මධ්‍යස්ථානයක් ඇතුළු ව්‍යාපාරික කටයුතු කිහිපයක් සඳහා මෙලෙස ගුවන් තොටුපළ භාවිතා කිරීමට මෙම විදේශිය ආයතන බලාපොරොත්තුවේ.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us