තම අධිකාරියට අවශ්‍ය බලය දුන්නොත් මාස හයක් ඇතුළත මත්කුඩු ජාවාරම අතුළු මත්ජාවාරම නිමාකරන බව ජාතික අන්තරාදායක ඖෂධ පාලන මණ්ඩලයේ සභාපති නිලංග අමරසිංහ මහතා පැවැසීය.

යුද්ධයට අදාළ වගවීම සහ ප්‍රතිසංධානය යන කාරණා එක්සත් ජාතීන්ගේ දේශපාලන කටයුතු පිළිබඳ ලේකම් ජෙෆ්රි ෆෙල්ට්මන්, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා හා තමා මුණ ගැසුණු අවස්ථාවේදී සාකච්ඡා කළ බව විදේශ නියෝජ්‍ය ඇමති අජිත්. පී. පෙරේරා ප්‍රකාශ කරයි.

යුධ සමයේ තරුණයින් පිරිසක් පැහැරගෙන යාම සහ ඔවුන් අතුරුදන් කිරීම යන චෝදනා මත නාවික හමුදාවේ හිටපු මාධ්‍ය ප්‍රකාශකවරයෙකු වන ඩී.කේ.පී. දසනායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබේ.

ශ්‍රී ලංකාව හා චීනය අතර ද්විපාර්ශවික සම්බන්ධතා වර්ධනය කරගැනීමේ අරමුණින් නාවික සහයෝගීතාවය පිළිබඳවද එකඟතාවයකට දෙරට පැමිණ ඇතැයි වාර්තා වේ.

අරලිය ගහ මන්දිරයේ ගාලු පාරට මුහුණලා තිබු මායිම ආවරණය වන පරිදි අතුරා තිබු මල් පෝච්චි 45,000ක් අද දින ඉවත් කිරීමට කටයුතු කර ඇත. මෙම මල් පොච්චි තොගය ගම්පහ උද්භිත උද්‍යනයට බාර දීම සිදු කළේය. පසු ගිය පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක උත්සවයට සමගාමීව මෙම මල් පෝච්චි ආවරණය සකස් කරීමට රුපියල් ලක්ෂ 30 ක මුදලක් වැයවූ බවද සඳහන්.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් සිව් දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.

මාලදිවයිනේ වත්මන් දේශපාලන අර්බුදය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එරට විපක්ෂයේ නියෝජිතයින් පිරිසක් ශ‍්‍රී ලංකාවට පැමිණ තිබෙන අතර ඔවුන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ සමඟ මේ සම්බන්ධයෙන් පසුගිය බ්‍රහස්පතින්දා සාකච්ඡා කර ඇති බවත් ෂිංහුවා ප‍්‍රවෘත්ති සේවය වාර්තා කරයි.

අලුතින් ඉදිවන ජෝන්ද සිල්වා සමරු රඟහල පිළිබඳ සොයා බැලීම සඳහා නාට්‍යවේදීන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us