දිවයින හරහා ඊසානදිග මෝසම් තත්වය ස්ථාපිත වී ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

තායිලන්තයේ බැංකොක්හි වජිරවුද් විද්‍යාලයේ පැවති ලෝක බෞද්ධ සහයෝගීතාවයේ 31 වන මහා සමුළුව සහ එහි 75 වන සංවත්සර දියමන්ති ජුබිලි සැමරුම පසුගිය දෙසැම්බර් 5 වන දා සිට 6 වන දා දක්වා පැවැත්විණි.

වසරේ මේ දක්වා කාලය තුළ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වැඩිම ප්‍රමාණයක් ලියාපදිංචි කර ඇත්තේ යතුරුපැදි බව එම දෙපාර්තමේන්තුව පවසයි.

පැවැති ආපදා තත්වය හේතුවෙන් වසා දැමූ රජයේ පාසල් නැවත ආරම්භ කරන ක්‍රමවේදයට අදාල චක්‍රලේඛය අද දිනයේ නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක මහතා පවසයි.

"දිට්වා" සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් සිදුවූ නායයෑම් සහ ගංවතුර නිසා මරණයට පත්වූ හෝ අතුරුදන් වූ පුද්ගලයින්ගේ මරණ ලියාපදිංචි කිරීම සඳහා අවශ්‍ය වන නීතිමය ප්‍රතිපාදන මේ වන විටත් ක්‍රියාත්මක කර ඇති බව රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව පවසයි.

මහනුවර, කෑගල්ල, කුරුණෑගල සහ මාතලේ යන දිස්ත්‍රික්වල අවදානම් සහිත ස්ථානවල ජීවිතවන ජනතාව සුරක්ෂිත මධ්‍යස්ථාන වෙත යොමුකිරීමට කටයුතු කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම්වරුන්ට දැනුම් දී තිබේ.

සුළි කුණාටු තත්ත්වය නිසා දැඩි ලෙස ආප­දා­වට පත්වූ පළාත් පහ තුළ උසස් පෙළ විභා­ග­යට මුහුණ දෙන සිසුන් එක් ලක්ෂ දාහක් (101000) පමණ සිටින අතර එම සිසු­න්ගෙන් පිරි­සක් ඍජු­වම ආප­දා­වට ලක් වූ බවත් අනෙක් පිරිස එසේ ආප­දා­වට ලක්ව නොමැති බවත් විභාග කොම­සා­රිස් ජන­රාල් ඉන්දිකා ලිය­නගේ මහ­ත්මිය “දින­මිණ” ට ඊයේ (08) පැව­සු­වාය.

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ld add copy

Latest News

වැඩි මිළට පානීය ජල බෝතලයක් අලෙවි කළ හෝටලයකට රු.ලක්ෂ 10ක දඩයක් !

වැඩි මිළට පානීය ජල බෝතලයක් අලෙවි කළ හෝටලයකට රු.ලක්ෂ 10ක දඩයක් !

උපරිම සිල්ලර මිලට වඩා වැඩි මුදලකට පානීය ජල බෝතලයක් අලෙවි කළ හපුතලේ ප්‍රදේශයේ හෝටලයකට බණ්ඩාරවෙල මහේස්...

Connet With Us