ඉන්දියාවේ නිෂ්පාදිත ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් කොවිඩ් එන්නත රැගත් ගුවන් යානය හෙට (28) පෙරවරු 11.00 ට මෙරටට පැමිණීමට නියමිතයි.

ඉදිරියෙදී සිදුවිය හැකි විශාල විනාශයක් ගැන පාස්කු ප්‍රහාරයට කලින්, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දැනුවත් කළත් ඔහු ඒ පිළිබද කිසිදු උනන්දුවක් දැක්වුයේ නැති බව හිටපු සී .අයි .ඩි අධ්‍යක්ෂ ශානි අබේසේකර අද පාස්කු කොමිසමේදී හෙළි කර ඇත.

කොවිඩ් - 19 සිරුරු බලහත්කාරයෙන් ආදාහනය කිරීම නවත්වන ලෙසත්, වසංගතයේ රෝග වාහකයන් ලෙස මුස්ලිම්වරුන් සහ අනෙකුත් සුළු ජාතීන් ගැන වැරදි තොරතුරු, වෛරී කතා සහ අපකීර්තියට පත් කරවන තොරතුරු ප්‍රචාරය වීම වැලැක්වීම සඳහා අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙසත් එකසත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ශ්‍රී ලංකා රජයට බල කරමින් ඊයේ ලිඛිත දැනුම් දීමක් කර තිබේ.

අයවැයෙන් යෝජිත වූ පරිදි වතු කම්කරුවන් සදහා රුපියල් දහසේ (1000)දෛනික වැටුප ලබාදීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා විසින් කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සහ වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණට උපදෙස් ලබා දී තිබෙනවා.

බස්නාහිර පළාතේ පොදු ප්‍රවාහන හා පාසල් බස් රථවල රියැදුරන් සහ සහායකයින් 1,000ක පමණ පිරිසක් මේ දක්වා ක්ෂණික ප්‍රතිදේහ ජනක පරික්ෂාවට ලක්කර ඇති අතර එහිදී ඉන් තිදෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

අපේක්ෂිත ඉලක්ක අබිබවා යමින් පසුගිය වසරේදී (2020) මෙරට සමස්ත භාණ්ඩ හා සේවා අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 9.9ක් (රුපියල් කෝටි එක්ලක්ෂ අසූ අටදාස් එකසීය) ඉක්මවා සටහන් වී ඇත.

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂකවරුන් තෝරා ගැනීම සඳහා අයදුම් පත්‍ර කැඳවීම ආරම්භකර තිබේන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඉන්ධන මිළ සංශෝධනයක් කරන මෙන් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ඉදිරිපත්කළ ඇමැති මණ්ඩල යෝජනාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ඇමැති මණ්ඩලය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ld add copy

Connet With Us