පාර්ලිමේන්තු විධායක ශ්‍රේණියට අයත් නිලධාරීන් ආහාර ගන්නා භෝජනාගාරයේ සේවය කරන වේටර්වරියකට කොවිඞ් ආසාදනය වී ඇති බව වාර්තා වේ.
බස්නාහිර හා හුදෙකලා ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශවල උපකාරක පංති ලබන 25 වැනිදා සිට සෞඛ්‍ය නිර්දේශවලට යටත්ව පැවැත්වීමට නියමිතයි.
බස්නානහිර හා හුදෙකලා කළ ප්‍රදේශ හැර දිවයිනේ සෙසු සියලු ප්‍රදේශවල බෞද්ධ දහම් පාසල් හෙට(17) සිට සෞඛ්‍ය නිර්දේශවලට යටත්ව යළි විවෘත කිරීමට නියමිතයි.
දහම් පාසල් පවත්වාගෙන යාම සඳහා සෞඛ්‍ය නිර්දේශ ගණනාවක් නිකුත් කර ඇති හෙයින් එම උපදෙස් පිළිපදින ලෙස දහම් පාසල් ප්‍රධානාචාර්යවරුන්ගෙන් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම ඉල්ලීමක් කර තිබෙනවා.
-පංචාලි අබේසේකර
සෞදියේ රැකියා සදහා මෙරට කාන්තාවන් යොමු කිරීමේ නියමු වැඩසටහනක්
රැකබලා ගැනීමේ සහ හෙද අංශවල රැකියා සදහා සෞදි ආරාබිය වෙත ශ්‍රී ලාංකික කාන්තාවන් යොමු කිරීමේ නියමු වැඩසටහනක් සඳහා එරට ප්‍රධාන පෙළේ සමාගමක් එකඟතාව පළකර තිබේනවා .
නැගෙනහිර පර්යන්තය විදෙස් සමාගමකට පැවරීමට එරෙහිව ජනාධිපතිවරයාට පෙත්සම්
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විදෙස් සමාගමකට පැවරීමට එරෙහිව ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීම සඳහා අන්තර්ජාලය ඔස්සේ පෙත්සමක් අත්සන් කිරීම අද (16) සිදුවිය.
රාජ්‍ය වැවිලි සංස්ථාවේ දැනට වගා නොකළ ඉඩම් ඵලදායී වගාවන් සඳහා යොදා ගැනීමේ නව ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේනවා.
පැය 24 ක් තුළ කටුනායක මගී ගුවන් යානා 22 ක මෙහෙයුම්
අද (16) පෙරවරු 8.30 න් අවසන් වූ, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් පැය 24 ක් තුළ මගී ගුවන් යානා 22 ක මෙහෙයුම් සිදු කෙරුණා.
රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන 213ක් සෞඛ්‍ය උපදෙස් කඩ කරයි
බස්නාහිර පළාතේ රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන 213ක් සෞඛ්‍ය උපදෙස් කඩකරමින් කටයුතු කරමින් සිටි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර තිබෙනවා.