යහපාලන ආණ්ඩුවෙන් විනාශ කළ සතොස ආයතනය යළි පාඩු නොලබන තත්ත්වයට පත් කරන බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

එළවලු වෙළෙන්දන්ට අතරමැදියෙකුගේ මැදිහත්වීමකින් තොරව එළවලු ලබා දීමේ වැඩසටහන අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ කෙරුණා.

ගත වූ පැය 24 තුල විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් තවත් විශාල පිරිසක් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් දිවයිනට පැමිණ තිබෙනවා.

ජාත්‍යන්තර ගුවන් යානා මෙරටට ඇතුළු වීමේ දී ගුවන් සමාගම්වලින් අය කෙරෙන ගොඩබෑමේ හා නවතා තැබීමේ ගාස්තු වලින් නිදහස් කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.

බස්නාහිර පළාතෙන් පිටවීමේදී, අධිවේගී මාර්ගයේ පිටවීමේ දොරටුවලදි අහඹු කොරෝනා පරීක්ෂණ සිදුකිරීම ආරම්භ කර තිබේනවා.

ලෝකයේ ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන විසින් පිළිගත හැකි සාධාරණ යුක්තිසහගත හේතු දැක්වීම් වලින් තොරව සහ ශ්‍රී ලංකා පාර්ශ්වයේ හේතු දැක්වීම් වලට හෝ ඉඩක් නොතබා ශ්‍රී ලංකාව අවදානම්කාරී ආර්ථිකයක් සහිත රටක් බවට පහළ ශ්‍රේණිවලට ඇද දැමීම සිදුව තිබෙන වාතාවරණය තුල ඒ නොතකා බලවත් යුරෝපීය රාජ්‍යයක් වන ප්‍රංශය ශ්‍රී ලංකාවේ අභිවෘද්ධිය වෙනුවෙන් අභීත පියවරක් තබා ඇත.

ලබන වසර වන විට ලංකාවේ සියලු දෙනාට නිවසේ සිට භාවිත කිරීමට අන්තර්ජාල සන්නිවේදන පහසුකම් ලබාදීමට නියමිත බව ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන්කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසනවා.

සමාජ මාධ්‍ය භාවිත කරන්නන් ලියාපදිංචි කිරීමක් කෙරෙහි රජයේ අවධානය යොමුව නැති බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.

ld add copy

Connet With Us