පසුගිය උසස් පෙළ විභාගයෙන් ඉහළම ප්‍රතිඵල ලැබූ , එහෙත් රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමට අවස්ථාව නොලැබුණු සිසුන් පිරිසක් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට ඇතුළත් කිරීමට අදාළව කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර තිබේනවා.

ඉන්දියාවේ නිශ්පාදිත ඉහළම තත්වයේ දුම්රිය මැදිරි 160 ක් මෙරටට ලබාදීම වෙනුවෙන් එළැඹෙන ලද ගිවිසුම අනුව එහි මුල් කොටස ලෙස දුම්රිය මැදිරි 10 ක් මේ වන විට ශ්‍රී ලංකාවට ලැබී තිබේ.

ඉදිරියෙදී පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණය වෙනුවෙන් ඉදිරිපත්වීමට කැමැත්තක් දක්වන පුද්ගලයින්ට මාර්තු 31 වැනිදා ට පෙර ඉල්ලුම්පත් යොමු කිරීමට හැකියාව පවතින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රකාශ කරයි.

වතු සේවකයියන් සදහා වැඩි කළ රුපියල් 1000 දෛනික වැටුප ලබා නොදෙන වතු සමාගම්වලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව කම්කරු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබේ.

සහරාන් හෂීම් යටතේ මරාගෙන මැරෙන පුහුණුව ලැබූ කාන්තාවන් දාහත්දෙනා අතුරින් දෙදෙනෙක් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැතැයි මහජන ආරක්ෂාව පිළිබඳ ඇමැති රියර් අද්මිරාල් සරත් වීරසේකර ඊයේ (10 වැනිදා) පාර්ලිමේන්තුවේදී පැවැසුවේය.

කොවැක්ස් ක්‍රමය යටතේ ලැබුණු කොවිඩ් එන්නත් දෙලක්ෂ හැටහතර දහස වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ට ලබාදීම එළඹෙන සෙනසුරාදා (13 වැනිදා) සිට ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන්, ප්‍රකාශයක් ලබා දීමට සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මිට සුළු වෙලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙන බව වාර්තා වෙනවා.

අමාත්‍ය විමල් විරවංශ විසින් පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදියුදීන් සම්බන්ධව ඊයේ දින සිදුකල ප්‍රකාශය සම්බන්ධයෙන් මන්ත්‍රි රිෂාඩ් බදියුදීන් අද (10) අමාත්‍ය විමල් වීරවංශට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිල්ලක් ගොනු කර තිබේ.

ld add copy

Latest News

තැපැල තව දුරටත් වර්ජනයේ

තැපැල තව දුරටත් වර්ජනයේ

තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය සහ ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ ආරම්භ කළ අඛණ්ඩ වැඩවර...

Connet With Us