සහල් මිල පාලනය ඉක්මවා අලෙවි කළ වෙළෙඳුන් 2000කට එරෙහිව නඩු පවරා ඇතැයි පාරිභෝගික කටයුතු අධිකාරිය ප්‍රකශ කර තිබෙනවා.

කොළඹ නගරයේ රථ වාහන තදබදය අවම කිරීම සඳහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා සහ අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂගේ උපදෙස් මත ඉදිවන රථගාල් දොළහේ ව්‍යාපෘතියේ තුන්වන රථගාලේ ඉදිකිරීම් කටයුතු පසුගිය දා යූනියන් පෙදෙසේ ඉබ්බන්වල හන්දියේ දී ආරම්භ කෙරිණි.

යතුරුපැදි මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමේ අරමුණින් දින 04ක විශේෂ මෙහෙයුමක් අද (31) සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකශ කර තිබෙනවා.

චීනයේ නිෂ්පාදිත “සිනොෆාම්“ (Sinopharm)කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 06ක් අද (31) දිනයේ මෙරටට ලැබීමට නියමිතයි. එම එන්නත් තොගය චීනයෙන් මෙරටට ලැබෙනුයේ පරිත්‍යාගයක් ලෙස බවයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කරේ.

කොළඹ නගරයේ කණු මතින් ඉදිවෙන නව දුම්රිය මාර්ග පද්ධතිය සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේනවා.

අලුත් අවුරුදු සමය වන විට කුකුල් මස් කිලෝවක මිල 800 ඉක්මවා යා හැකි බව බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් අත්තනායක ප්‍රකාශ කර තිබේනවා.

විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ නිර්දේශ ලැබෙනතුරු දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලූ පරීක්ෂණ කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක නොකිරීමට රජය තීරණය කර ඇති බව ජනාධිපති ලේකම්වරයා අද (30) අභියාචනාධිකරණයට දැනුම් දී තිබේනවා.

ශ්‍රී ලංකාවේ බෝට්ටු නිෂ්පාදන කර්මාන්තය සදහා සකස් කරන ලද නියාමන රාමුව එය ක්‍රියාත්මක කිරීමේ ආයතන වෙත නිල වශයෙන් භාර දීම පස්වරුවේ වෙළඳ අමාත්‍යංශ පරිශ්‍රයෙදි වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ ප්‍ර‍ධානත්වයෙන් සිදුවිය.

ld add copy

Latest News

රතන හිමියන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

රතන හිමියන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අත්අඩංගුවට ගැනීමට අධිකරණය මගින් වරෙන්තු නිකු...

Connet With Us