පේෂකර්ම රෙදි ආනයනය තහනම් කිරීමට මේ වන විටත් පියවර ගෙන ඇති බවත් ඊට අදාළ ගැසට් පත්‍රයට පාර්ලිමේන්තුවේ අනුමැතිය ද මේ වන විට හිමි වී ඇති බවත් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර ප්‍රකශ කර තිබෙනවා.
පාස්කු ප්‍රහාරය පිළිබදව විපක්ෂය නගන චෝදනා වලට ජොන්ස්ටන්ගෙන් පිළිතුරු !
පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පත් කල පාර්ලිමේන්තු කමිටුවට පැවරී ඇති වගකීම වන්නේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවේ අන්තර්ගතය ගැඹුරින් අධ්‍යනය කොට නැවත මෙවැනි විපතක් ඇති වීම වලක්වා ගැනීමට සහ ශ්‍රී ලංකාවේ දිගුකාලීන සාමය, ආරක්ෂාව සහ ස්ථාවරත්වය සහතික කිරීමට ක්‍රියාත්මක විය යුතු ආකාරය වාර්තා කිරීම බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සදහන් කර තිබෙනවා.
රන්ජන්ගේ මන්ත්‍රී ධුරය අහෝසි ! විපක්ෂය පාර්ලිමේන්තුව උණුසුම් කරයි !
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරුව සිටින හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකගේ පාර්ලිමේන්තු අසුන පුරප්පාඩු වී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පාර්ලිමේන්තුවට දැනුම් දදී තිබේ. ඒ අනුව රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු අසුන නිල වශයෙන් අහෝසි වී ඇත.
මේ අතර පාර්ලිමේන්තු සභා ගර්භයේදි තුළ විපක්ෂය විරෝධතාවක් ආරම්භ කර තිබිමත් සමග පාර්ලිමේන්තු සභාවේ උණුසුම් තත්වයක් ඇති වී ඇති බව වාර්තා වේ. ඒ රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු අසුන හිස්වන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට දැනුම් දීමත් සමගයි.
අද පෙරවරුවේ කථානායකාවරයා කියා සිටියේ මන්ත්‍රීධුරය හිස්වීම පිළිබඳව පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා මැතිවරණ කොමිසමට දන්වා ඇති බවයි.
-පංචාලි අබේසේකර
ගත වූ පැය 24තුළ මත්ද්‍රව්‍ය වැටලීම් රැසක් ! දිවයින පුරා වැටලීම් අඛණ්ඩව
හෙරොයින් ග්‍රෑම් 150 මිලිග්‍රෑම් 200 ක් සමඟ සැකකරුවකු මෝදර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණා.
රට විශාල සංවර්ධනයකට ගමන් කරමින් තිබෙනවා -දුමින්ද දිස්සනයක
රට තුල මේ වන විට විශාල සංවර්ධනයක් ආරම්භ වී ඇති බවත් ජනතාවට දුන් පොරොන්දු අවුරුදු පහක් තුල ජනතාවට ලබා දීම වගකීමක් වී ඇති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක ප්‍රකාශ කර තිබෙනවා.
උත්සව සමයේ කොවිඩ් පාලනය අවම කර ගැනිමට සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපඳින්න - යුධ හමුදාපති
එළඹෙන උත්සව සමයේ කොවිඩ් වෛරස ව්‍යාප්තිය පාලනය අවම කර ගැනිම සඳහා නිසි පරිදි සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපඳින ලෙස යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ජනතාවට නිවේදනය කර සිටිනවා.
උග්‍ර පිළිකා කාරක බවට තහවුරු වූ ආනයනික පොල්තෙල් බහලුම් 6ක් ප්‍රතිඅපනයනයට !
පිළිකා කාරක අන්තර්ගත බවට තහවුරු වූ ආනයනික පිරිපහදු නොකළ පොල් තෙල් බහලුම් 06ක් ප්‍රතිඅපනයනය සඳහා රේගුව විසින් ඊයේ (06) කොළඹ වරාය වෙත රැගෙන විත් තිබෙන බව වාර්තා වෙනවා.
විදෙස් රටවල සිට පාස්කු ප්‍රහාරය මෙහය වූ දස දෙනෙකු මෙරට ආරක්ෂක අංශ භාරයට
පාස්කු ප්‍රහාරය මෙහෙය වූ සහාරාන් හෂීම්ගේ කණ්ඩායම සමග සෘජු සහ වක්‍ර සබඳතා පැවැත්වූ බව කියන 10 දෙනෙකු විදෙස් රටවල සිට මෙරටට රැගෙන ඒමෙන් අනතුරුව ආරක්ෂක අංශ භාරයට ගෙන තිබේන බව වාර්තා වෙනවා.