ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ හතළිස් නව වැනි සැසිවාරය මේ දිනවල පැවැත්වේ. පසුගිය 28 වැනි දා ඇරඹි එම සැසිවාරය ලබන 9 වැනිදා දක්වා පැවැත්වේ.

ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ආහාර, ඖෂධ සහ වෙනත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහාවන ඇමරිකානු ඩොලර් බිලියන 01ක ණය පහසුකමක් පිළිබඳව මේ වන විට සාකච්ඡා කෙරෙමින් පවතී.

වසර දෙකකට පසු වැඩිම මාසික සංචාරක පැමිණීම පසුගිය පෙබරවාරි මාසයේදී වාර්තා වුණා. ඒ අනුව පෙබරවාරි මාසයේදී මෙරටට පැමිණි සංචාරකයින්ගේ සංඛ්‍යාව අනූහයදහස් පන්සිය හතකි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි විවිධ ක්ෂේත්‍ර වල නිෂ්පාදන සිදුකරමින් කොළොන්නාවේ පිහිටි රජයේ කර්මාන්ත ශාලාව ආදායම් ඉපයීම වැඩි කර ගනිමින් සිටින බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය ප්‍රකාශ කරයි.

ඒකාබද්ධ උත්සාහයක් හරහා මානව වර්ගයා සඳහා ඒකීය අනාගතයක් සහිත ප්‍රජාවක් ස්ථාපිත කිරීමට චීනය සැමදා ශ්‍රී ලංකාව හා එක්ව සිටින බව ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ෂෙන් හොන් මහතා පසුගියාදා ප්‍රකශ කළේය.

 කොළඹ හොරණ 120 මාර්ගයේ ඉදිකරන පාමංකඩ නව පාලම හේතුවෙන් නිවාස අහිමිවන පවුල් වෙනුවෙන් ලබා දෙන නව නිවාස වල යතුරු භාර දීම ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා පැවැත්විණි .

දියර කිරි මිලදී ගැනීමේදී පවතින විෂමතාව ඉවත් කිරීමට වහාම පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහත්වරුන්ට උපදෙස් දී තිබෙනවා.

මුතුරාජවෙළ තෙත්බිම සංරක්ෂණය සඳහා රජය විසින් ආරම්භ කර ඇති සංරක්ෂණ වැඩ පිළිවෙළට පරිසර අමාත්‍යාංශය විසින් මෙම වසර සඳහා රුපියල් මිලියන 100ක් ලබා දීමට තීරණය කළ බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ld add copy

Connet With Us