පළාත් කිහිපයකට වැසි ඇතිවෙද්දී පළාත් කිහිපයක උණුසුම තවදුරටත් ඉහළ යයි

Published in පුවත්
Wednesday, 28 February 2024 08:02

නැගෙනහිර, ඌව සහ උතුරු මැද පළාත්වලත් නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, වයඹ, දකුණු, ඌව සහ නැගෙනහිර පළාත්වලත් විටින් විට හමන පැ.කි.මී. 30-40 පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

මේ අතර දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අද (28) දිනයේදී අවධානය යොමුකළ යුතු මට්ටමක් දක්වා තවදුරටත් ඉහළ යනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

වයඹ, බස්නාහිර සහ දකුණු පළාත්වලත් රත්නපුර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමුකළ යුතු මට්ටමක පවතිනු ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මෙහිදි ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම, සෙවන ඇති ස්ථානවල හැකි පමණ විවේක ගැනීම, එළිමහනේ වෙහෙසකාරී කටයුතු සීමා කිරීම ඇතුළු සෞඛ්‍ය උපදෙස් අනුගමනය කළ යුතු බව එම දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ මෙරිල් මෙන්ඩිස් පැවසුවේය.

මෙහිදි ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම, සෙවන ඇති ස්ථානවල හැකි පමණ විවේක ගැනීම, එළිමහනේ වෙහෙසකාරී කටයුතු සීමා කිරීම ඇතුළු සෞඛ්‍ය උපදෙස් අනුගමනය කළ යුතු බව එම දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ මෙරිල් මෙන්ඩිස් මහතා පැවසුවේය.

මේ අතර පවතින අධික හිරු රශ්මිය හේතුවෙන් හිසරදය, වමනය, ඇඟපත වේදනාව, නිදිමත ගතිය වැනි රෝගී ලක්ෂණ මතු වියහැකි බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.

"අද සහ ඉදිරි දිනවල තද රස්සනයක් අපිට දැනෙනවා. මේ සමඟම දාඩිය වැඩිපුර ශරීරයෙන් පිටවෙයි. දාඩිය සමග ලවණ සහ ජලය ශරීරයෙන් පිටවෙනවා. මේ නිසා අපි හැමෝටම අපහසුතාවයන් දැනෙනවා. වමනය, හිසරදය, ඇඟපත රිදෙන එක, නිදිමත ගතිය, නින්ද නොයන ගතිය, ආහාර අරුචිය, ක්ලාන්ත ගතිය වගේ රෝග ලක්ෂණ ඇති වෙන්න පුළුවන්. මේවා වළක්වා ගන්න නම් අපි වැඩිපුර ජලය හා ලවණ අඩංගු පානය කළ යුතුයි. ස්වභාවික පාන වර්ග වන කැඳ වර්ග, දෙහි, දොඩම්, නාරං, තැඹිලි වතුර, කුරුම්බා වතුර, පොල්වතුර වගේ තමා හොඳ."

වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කළේ, මෙම තත්ත්වය හේතුවෙන් ළමුන් අතර චර්ම රෝග පැතිරයාමේ අවධානමක් මතුව ඇති බවය.

"මෙතැනදි දාඩිය බිබිලි, දද වගේ දේවල් ඇති වෙනවා. ඒවා අවම කිරීමට වතුර බොනවා වගේම වතුරේ ඉන්න දෙන්න දරුවන්ට. උදේට සහ හවසට විනාඩි 20ක් වගේ සෙල්ලම් කරන්න දෙන්න ජලයේ. ඒවට බව වෙන්න දෙයක් නෑ. නාන්න බයවෙන්න එපා. පළමු මාස 6 දරුවන්ට මව්කිරි පමණක් ප්‍රමාණවත්. ඊට වැඩි දරුවන්ට වතුර ටිකකුත් දෙන්න කෑම වගේම. මුත්‍රාවල පාට බලන්න. මුත්‍රා තද පාටයි නම් ඒ අයට වතුර වැඩියෙන් දෙන්න මේ දවස්වල. "

-P.M

Last modified on Wednesday, 28 February 2024 09:39

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us