වසරේ මුල් මාස 7 තුළ මෙරට ඉන්ධන ආනයන සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 3,622ක් වැය කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

ඉදිරි දින කිහිපයේදී, දිවයිනේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතී.

ශ්‍රී ලංකා පොලීසියට වසර 160ක් පිරීම නිමිත්තෙන් සංවිධාන කරන ‘පොලිස් පාපැදි සවාරිය’ අද (01) පෙරවරු 7.30ට කොළඹ කොම්පඤ්ඤවීදිය පොලිස් මූලස්ථානය අසලින් ආරම්භ වුණා.

ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ තැඹිලි වගාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමින්, රටේ අපනයන ආදායම ඉහළ නැංවීම, නව රැකියා උත්පාදනය සහ ග්‍රාමීය දිළිඳුකම තුරන් කිරීම අරමුණු කරගත් තැඹිලි ගම්මාන 250ක් පිහිටුවීමේ ජාතික ව්‍යාපෘතිය හෙට (02) ආරම්භ කෙරෙනවා.

ලබන සතියේ පාසල් යළි ආරම්භ කිරීමට පෙර රජයේ සහ ‌​ෙපෟද්ගලික පාසල් පරිශ්‍ර පිරිසුදු කරන ලෙස ජාතික ඩෙංගු මර්දන ඒකකය සියලු පාර්ශ්වවලින් ඉල්ලා සිටී.

සත්ත්ව හානි හේතුවෙන් වාර්ෂිකව පොල් ගෙඩි මිලියන දෙසීයකට පමණ හානි සිදුවන බව පොල් පර්‌යේෂණ ආයතනය සඳහන් කරයි.

අද කාලගුණය

Published in පුවත්
Tuesday, 01 September 2026 09:16

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Page 6 of 1989

ld add copy

Connet With Us