විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්, හඳුනානොගත් වකුගඩු රෝගීන් සහ වැඩිහිටි ආධාර ලබන පුද්ගලයින් සඳහා වන ගෙවීම් අස්වැසුම ප්‍රතිලාභ ක්‍රමවේදය හරහා සිදුකිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.

පළාත් රාජ්‍ය සේවයේ ස්ථීර පත්වීමක් දරන නිලධාරියෙකු මධ්‍යම රජයේ අනුරූපී තනතුරක් සඳහා ස්ථාන මාරු කිරීම නැවත දැනුම්දෙන තුරු අත්හිටුඅවීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ.

රතු මුහුදේදී දකුණු යේමනයේ භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට හූති කැරලිකරුවන් එල්ල කළ ප්‍රහාරයකින් කාර්ය මණ්ඩල සාමාජිකයින් තුන්දෙනෙකු මියගොස් තිබේ.

වයඹ හා දකුණු පළාත් සහ රත්නපුර හා මන්නාරම දිස්ත්‍රික්ක සඳහා උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

ළමා ලිංගික අපයෝජන චෝදනාවන්ට වරදකරුවන් වූ පුද්ගලයින්ගේ නාමලේඛනයක් සකස් කිරීමට බලාපොරොත්තු වන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.

විදේශීය සංචාරකයින් දෙදෙනෙකුට නාවලපිටිය දුම්රිය ස්ථානයේදී සේවකයින් පිරිසක් පහර දුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසීමට අද (07) දින දුම්රිය ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු දුම්රිය සාමාන්‍යාධිකාරි එච්.එම්.කේ බණ්ඩාර හමුවට කැඳවා තිබේ.

ලෝක වෙළෙඳපොළේ රන් මිල මේ වනවිට වාර්තාගත අන්දමේ ඉහළ යාමක් පෙන්නුම් කරයි.

තමාව ජනාධිපති ධුරයෙන් එළවා දැමීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වූ බවත්, ‘මාව ජනාධිපති ධුරයෙන් එළවීමේ කුමන්ත්‍රණය’ නමැති ග්‍රන්ථය මාර්තු 7 වැනිදා එළිදැක්වීමට නියමිත බවත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

ld add copy

Connet With Us