කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ අද (26) පෙරවරුවේ සිදුවූ අනතුරකින් එක් විදෙස් ජාතිකයෙකු මියගොස් තිදෙනෙකු තුවාල ලබා තිබේ.

ප්‍රභූ ගිලන්රථ සේවා සහ ජංගම සෞඛ්‍ය කඳවුරුවලට නොපැමිණීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් අද දින (26) ආරම්භ කිරීමට සුදානම් කළ ද ඉන් කොන්දේසි සහිතව ඉවත් වන බව ප්‍රකාශ කිරීමට රජයේ වෛද්‍ය නිලධාරී සංගමය (GMOA) තීරණය කර තිබෙන බව දැනගැනීමට තිබේ.

පළාත් පාලන ආයතනවල කැළි කසළ කළමනාකරණය කිරීමේ නව වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව පළාත් පාලන රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.

දුම්රිය ආපනශාලා හදිසි පරික්ෂාවට ලක් කිරීමට මහජන පරීක්ෂකවරුන් තීරණය ගෙන තිබේ.

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල පවතින වියළි කාලගුණ තත්ත්වයේ වෙනස්වීමක් හෙට (27) දින සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (26) නිකුත් කළ කාලගුණ නිවේදනයේ දැක්වෙයි.

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තට මරු කැඳවූ රිය අනතුර සම්බන්ධයෙන් එම රථය පැදවූ රියදුරා පොලීසියට කරුණු හෙළිකර තිබේ.

බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ සැකකරුගෙන් රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමට දෙයියන්දර මහෙස්ත්‍රාත් අධිකරණය අවසර දී තිබේ.

අභාවප්‍රාප්ත රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ දේහය අද (26)පෙරවරුවේ ආරච්චිකට්ටුවේ පිහිටි ඔහුගේ නිවසට රැගෙන යාමට සැලසුම් කර තිබේ.

ld add copy

Connet With Us