බන්ධනාගාර නියාමකයින් පිරිසක් ලෙඩ නිවාඩු දමා සේවයට වාර්තා නොකිරීම සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් සිදු කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තවදුරටත් මිලිමීටර 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ශ්‍රී ලංකා රජය විසින් හෙට (21) ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.

විවාදය සඳහා සජිත් ප්‍රේමදාස මහතා දුන් දිනවලින් ජුනි 6 දිනය අනුර කුමාර දිසානායක මහතා භාරගත් බව ජාතික ජන බලවේගය පක්ෂයේ විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

මෙරට ආර්ථිකයට අතිශය තීරණාත්මක පනත් කෙටුම්පත් දෙකක් එළඹෙන මැයි 22 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය සැළසුම් කර තිබෙන බව වැඩ බලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ සඳහන් කළේය.

යුක්‍රේනයේ මරණ හා විනාශය සඳහා අරමුදල් සැපයීමට ගෝලීය උතුර කැමැත්තෙන් සිටින නමුත් දේශගුණික විපර්යාස නිසා ඇතිවන මරණ හා විනාශය වළක්වා ගැනීමේ ක්‍රියාමාර්ග සඳහා අරමුදල් සැපයීමට අකමැත්තක් දක්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

ලංකාවට ඊසාන දෙසින් බෙංගාල බොක්ක මුහුදේ මැයි මස 24 දින වනවිට සුළි කුණාටුවක මූලික තත්ත්වයන් නිර්මාණය වීමේ සැලකිය යුතු හැකියාවක් පවතින බව ගෝලීය අනාවැකි(ECMWF) අනුව දැක්විය හැකි අතර නවතම නිරීක්ෂණ මත පදනම් වෙමින් මැයි මස 22,23 වන දින වනවිට අඩුපීඩන කලාපයක් සහ පසුව එය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමේ ඉහළ හැකියාවක් පවතින බව සුළිකුණාටු පිළිබඳව කලාපීය විශේෂඥ මධ්‍යස්ථානය(RSMC)ද අනාවැකි පළකර සිටී.

විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල වර්ජනය හේතුවෙන් මෙවර විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කිරීම ද ප්‍රමාද වන තත්ත්වයක් නිර්මාණය වී තිබේ.

ld add copy

Latest News

Connet With Us