ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අඛණ්ඩව සිදුකරන බව එම මණ්ඩලය පවසයි.

ජනතාව පීඩාවට පත් වන ආකාරයෙන් සමාජ මාධ්‍ය තුළ සිදු වන ප්‍රචාරණය සියලුම ක්ෂේත්‍ර ආවරණය වන පරිදි නියාමනය කිරීමට සුදුසු නීති සම්පාදනය කළ යුතු බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (22) ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ පවතින දැඩි පුරප්පාඩු ගැටලුව විසඳීමට ඉදිරි සති 2ක කාලය ඇතුළත නව බඳවා ගැනීමේ ගැසට් නිවේදනය නිකුත් කිරීමට රජය තීරණය කර ඇතැයි අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනවිරත්න මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (22) ප්‍රකාශ කළේය.

ලෝක වෙළෙඳපොළේ රන් මිල ඉතිහාසයේ පළමුවරට අමෙරිකානු ඩොලර් 4,900 සීමාව ඉක්මවා ගොස් තිබේ.

ඉකුත් වසරේ (2025) නොවැම්බර් මාසයට සාපේක්ෂව දෙසැම්බර් මාසයේදී උද්ධමනය ඉහළ ගොස් ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අද (23) උදෑසන 8 සිට පැය 48ක කාලයක් දිවයින පුරා රෝහල්වල සංකේත වැඩවර්ජනයක නිරතවන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.

අද (23) සවස් කාලයේ සිට උතුරු, උතුරු-මැද, නැගෙනහිර පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප ඉවත් කිරීමේ පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් හතරක් ලැබී තිබේ.

Page 4 of 1875

ld add copy

Connet With Us