එක්සත් ජාතීන්ගේ ඉල්ලීම පරිදි අප්‍රිකානු මහාද්වීපයේ මධ්‍යම අප්‍රිකානු සමූහාණ්ඩුව ශ්‍රී  ලංකා ගුවන් හමුදාවේ බලඝනයක් පෙරේදා  (09දා) දිවයිනෙන් පිටත්ව ගියේය.

suicide-in-waterකොත්මලේ ජලාශයේ පාවෙමින් තිබියදී සොයාගත් තලවකැලේ ශාන්ත පැට්‍රික් දෙමළ විදුහලේ ඉගෙනුම ලැබූ සිසුවාගේ මරණය මිනී මැරුමක් නොව සිය දිවි නසා ගැනීමක් බව පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී අනාවරණය වී ඇති බව ලිඳුල පොලිසියේ නිලධාරියෙක් සඳහන් කළේය.

පාසල් යාම සඳහා නිල ඇඳුමින් සැරසී උදෑසන නිවසින් පිටව ගිය එකම පවු‍ලේ බාලවයස්කාර පාසල්  ළමුන් දෙදෙනකු ඇතුළු තිදෙනකු පෙරේදා (09) උදෑසන සිට ආගිය අතක් නොමැති බව කියමින් එම දරුවන්ගේ දෙමාපියන් රාජාංගනය ‍පොලීසියට 10 වනදා (ඊයේ) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි. නමුත් මේ වන විට එම දරුවන් තිදෙනා නිවෙස් වලට පැමිණ ඇති බව සැලය.

mangala-samaraweeraවසර 20 ක් විපක්ෂයේ සිට දුක් විදපු එක්සත් ජාතික පාක්ෂිකයන් ජයග්‍රහණය කිරීමට උත්සාහ ගනිද්දී ඒ රාජා මේ රාජ මහාරාජ වැනි මේ තුට්ටු දෙකේ මාධ්‍ය මුදලාලිලා හැම විටම කටයුතු කළේ එය වැලැක්වීමට බවත් ඒ සදහා සිවුරු හැදගත් අයත් සිවුරු හැද නොගත් අයත් එකතු කොටගෙන ආණ්ඩුව සතුටු කිරීමට කටයුතු කළ බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර පවසයි. 
යුද ගැටුම් හේතුවෙන් 1990 වසරේ සැප්තැම්බර් මස මඩකළපුව, සතුරුකොන්ඩාන් ප්‍රදේශයේදී මියගිය සිවිල් වැසියන් සිහිකිරීම සඳහා සංවිධානය කර තිබූ පහන් දැල්වීමේ වැඩසටහන නොපවත්වන ලෙස මඩකළපුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. 

yalaවනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පශූ වෛද්‍ය නිලධාරීන් ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් පීඩාකාරි වන අලි අල්ලා වනෝද්‍යාන වෙත මුදා හැරීමේ මෙහෙයුම් නතර වී තිබේ. 

jayalalithaශ්‍රී ලංකා නාවික හමුදාවෙන් ඉන්දීය ධීවරයින්ට දිගින් දිගටම සිදුවන හිරිහැර නතර කිරීමට පියවර ගන්නා ලෙස ඉල්ලමින් තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරිය ජයලලිතා ජයරාම් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කර තිබේ.

විදේශිකයන්ට හා විදේශීය සමාගම්වලට ඉඩම් අයිතිය පැවරීම තහනම් කෙරෙන පනතක් ඊයේ (09දා) පාර්ලිමේන්තුවට හඳුන්නවාදෙනු ලැබීය. 

ld add copy

Connet With Us