ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය අද (09) සවස භාර දුන් බව වාර්තාවේ. ශ්‍රී ලංකාවේ 12 වන මහබැංකු අධිපතිවරයා ලෙස කටයුතු කළ අජිත් නිවාඞ් කබ්රාල් මහබැංකු මූල්‍ය මණ්ඩලයේ සභාපතිවරයා ලෙස ද කටයුතු කර ඇත.
නව ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි අවශ්‍ය නම් නව මහ බැංකු අධිපතිවරයෙකු තෝරා පත් කර ගැනීම සඳහා ඔහු සිය ධූරයෙන් ඉවත් වීමට මෙසේ තීරණයක් ගෙන ඇති බව වාර්තාවේ.
මේ අතර, සුරැකුම්පත් සහ විනිමය කොමිසමේ සභාපති ආචාර්ය නාලක ගොඩහේවා ද අද සිය ඉල්ලා අස්වීමේ ලිපිය මුදල් අමාත්‍යාංශය වෙත යොමු කර ඇත.
සබැදි පුවත්
කබ්රාල්ගේ ගෙදර තිබු මඩ පත්තර මෙන්න
අජිත් නිවාඩ් කබ්රාල්ගේ නිවසේ මඩ පත්තරය !