2025 වර්ෂය සඳහා වන රජයේ අයවැය හෙට (17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

පුහුණු ශ්‍රී ලාංකික සේවකයින් විදේශගත වීම නිසා රටේ බංකොලොත් ආර්ථිකය යළි යථා තත්ත්වයට පත්වීම අඩපණ කළ හැකි බව මහ බැංකු නිලධාරීන් අනතුරු හඟවයි.

පුනර්ජනනීය බලශක්ති සංවර්ධකයින් 43 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අභියාචනයක් ඉදිරිපත් කර ඇති අතර, ශ්‍රී ලංකාවේ 2021 කැමැත්ත ප්‍රකාශ කිරීමේ (EOI) ක්‍රියාවලිය යටතේ ආරම්භ කරන ලද පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිවල බරපතල ප්‍රමාදයන් විසඳීමට වහාම පියවර ගන්නා ලෙස ඉල්ලා සිටී.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (13) පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබුණි.

දේශීය සැමන් නිෂ්පාදනය ඉහළ මට්ටමක පැවැතියදීත් සැමන් ආනයනය කිරීමට ආහාර සුරක්ෂිතතා කමිටුව තීරණය කිරීම හේතුවෙන් එම කර්මාන්තයට සම්බන්ධ ධීවරයන් ඇතුළු ලක්ෂ ගණනකට සිය රැකියා අහිමිවීමේ අවදානම් තත්ත්වයක් උද්ගතව ඇතැයි තොරතුරු අනාවරණය වේ.

ඉල්ලුමට සරිලන පරිදි සැපයුම ලබාදීමට නොහැකිවීම හේතුවෙන් ආදරවන්තයන්ගේ දිනයට ඉන්දියාවෙන් රතු රෝස ආනයනය කිරීමට සිදුවූ බව ව්‍යාපාරිකයෝ පැවැසූහ.

අද (14) සිට දෛනික විදුලි කප්පාදුවක් සිදු නොවන බව බලශක්ති අමාත්‍යංශය අද පෙරවරුවේ දැනුම්දුනි.

අද (14) දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ld add copy

Connet With Us