හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතාට හා ඔහුගේ බිරිඳවන පුෂ්පා රාජපක්ෂට මහත්මියට මෙරටින් පිටවීම සඳහා ක‍ටුනායක ගුවන්තො‍ටුපොළේ ප්‍රභූ(VIP) මඟී පර්යන්තය යොදා ගැනීමට නීති විරෝධිලෙස කටයුතු කළ ගුවන්තොටුපොළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගමේ සභාපති ප්‍රසන්න වික්‍රමසූරිය මහතාව වහා අත් අඩංගුවට ගත යුතු බව ගුවන් තො‍ටුපොළ සේවකයෝ පවසති.

පිළියන්දලදී සොයාගත් කාරය ලියාපදිංචි නොකළ අංක තහඩුවක් යොදා ධාවනය කළ පුද්ගලයා සොයා ගැනීමට පොලිසිය වෙහෙසේ. මෙතෙක් ලැබී ඇති තොරතුරුවල සත්‍යතාවය තහවුරු කර ගැනීමට පොලිසිය දිගටම පරීක්ෂණ පවත්වයි.

නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශයේ ලේකම් හිටපු පොලිස්පති ආචාර්ය මහින්ද බාලසූරිය මහතාට රටින් පිටවී යෑමට ඉඩ දීම බරපතල වරදක් බව නීතිඥවරු පෙන්වා දෙයි. ඔහුට එරෙහිව බරපතල චෝදනා ‍රැසක් එල්ල වී තිබෙන මොහොතක මෙලෙස රටින් පිටවී යාමට ඉඩ ලබාදීම නව ආන්ඩුවේ 'යහපාලනය' විහිළුවක් බවට පත්වීමක් බව ඔවුන් පෙන්වා දෙයි.

රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ චන්ද්‍ර වාකිෂ්ට ඉල්ලා අස්විය. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එම්.එච්.මාර්සෝ  එම තනතුරේ වැඩ බැලීමට පත් කර තිබේ. 


නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශයේ ලේකම් හිටපු පොලිස්පති ආචාර්ය මහින්ද බාලසූරිය මහතා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් අබුඩාබි රාජ්‍ය බලා අද පිටත්ව ගියේය.

ජනපතිවරණ සමයේ ගම්පොළ නගරයේ පොදු අපේක්ෂක කාර්යාලයකට පහරදීම, අයුතු ඇතුල්වීම හා වෙඩි තබා බිය වැද්දීම යන චෝදනාවන්ට මෙතෙක් අධිකරණයට ඉදිරිපත් නොවීම නිසා හිටපු අගමැති පුත් මධ්‍යම පළාත් මන්ත්‍රී අනුරාධ ලංකා ජයරත්න ඇතුළු ගම්පොළ නගර සභා මන්ත්‍රීවරු දෙදෙනකුට හා උඩපළාත ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුටත් ප්‍රභූ ආරක්ෂක නිලධාරියකුටත් ගම්පොළ මහේස්ත්‍රාත් උපුල් රාජකරුණා මහතා රටින් පිටවීම තහනම් කර ඇත.

දයාසිරිලා එපා

Published in පුවත්
Sunday, 18 January 2015 11:14

වයඹ පළාත් මහ අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඇතුළු වයඹ පළාතේ සිටින දූෂිත දේශපාලඥයින් ආණ්ඩුවට එක්කර නොගන්නා ලෙස බලකරමින් කුරුණෑගල දිස්ත්‍රික් එජාප ආධාකරුවෝ පිරිසක් අද (18දා) පොල්ගහවෙල නගරයේ විරෝධතාවක නිරතවූහ.

පෞද්ගලික අලි හිමියන් භාරයේ සිටින අලි පැටවුන් 27 න් 22 ක්ම හොර අලි බවද ඔවුන් සදහා ව්‍යාජ ෙල්ඛන සකස් කර බලපත්‍ර ලබාදී තිබෙන්නේ වන ජීවී දෙපාර්තමේන්තුව විසින් යැයිද හිටපු වනජීවී අැමති විජිත් විජයමුණි සොයිසා මහතා පැවසීය.

ld add copy

Connet With Us