මේ වන විටත් සිය කාර්යලයේ බඩු බාහිරාදිය අස් පස් කරගෙන ගොස් තිබෙන අතර ඔහු පාවිච්චි කළ ආයතන්යේ පරිගනක සියල්ලෙහි තොරතුරු මකා දැමීම ට එම ආයතනයේ පරිඝනක ඉන්ංජිනේරුවන්ට උපදෙස් දී ඇත.
පසුගිය ජනාධිපතිවරණයේදී එම අයතනයේ කෝටි ගනනක මුදලක් නීති විරෝධී ලෙස මහින්ද රාජපක්ෂගේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් වැය කර තිබු අතර මැතිවරණ පරාජයෙන් පසුවත් නැවත රාජපක්ෂ පාලනයක් වෙනුවෙන් ඔහු කටයුතු කළ බවටත් චෝදනා එල්ල විය.
කෙසේ නමුත් ඔහු තනතුර හැරදා යන්නට තනන්නේ එම ආයතයේ ඔහු විසින් මැදිහත්ව කෙරුණු ගණු දෙනු, ණය තුරුස් නොපියවාය.
ඔහුව එම තනතුරෙන් ඉවත් කරන ලෙස පසුගියදා ටෙලිකොම් ආයතනයේ වෘත්තීය සමිති 10 ක් ඒකාබද්ද ඉල්ලීමක් ජනාධිපතිවරයාගෙන් කර තිබිණි. ශ්‍රි ලංකාවේ සමාගම් විධායක නිළධාරියකු ලබන ඉහළම වැටුප වන (බදු කපා හැරීමෙන් පසුව) රුපියල් ලක්ෂ 104 ක මුදලක් මොහු ලබයි.
සබැදි පුවත්
ටෙලිකොම් ලලිත්ව පන්නනු.! වෘත්තීය සමිති 10 ජනපතිගෙන් ඉල්ලයි