වගකිවයුත්තන් මේ පිළිබඳව මුනිවත රැකීම නිසා තමන්ට සිදුවී ඇති අසාධාරණය පිළිබඳ මහ පාරට බැස සටන් කරන්නටද අසරණ ජනතාවට සිදුවිය. නමුත් අප පසුගියදා එහි කල සංචාරයකදී පෙනී ගියේ ඒ කිසිඳු අරගලයකින් ආනවිලුන්දාවේ අසරණ ජනතාවට අස්වැසිල්ලක් ලැබී නොමැති බවය. ව්‍යාපෘති කරුවන් ඉතා කඩිමුඩියේ තම ඉදිකිරීම් කටයුතු සිදු කරමින් සිටින බවය.
ආනවිලූන්දාව ප්‍රදේශය මුන්දලම කලපුවට දකුණු පසින් පිහිටා ඇත. ප්‍රදේශයේ භූ විෂමතාවය අනුව මුන්දලම කලපුව ගොඩවීම හේතුවෙන් මෙම ප්ර දේශය නිර්මානය වී ඇතිබව පැහැදිලි වේ. එයට හේතුව බත්තුළුඔයෙන් හා සෙන්ගල් ඔයෙන් රැගෙන එන අවසාදිත මෙම ප්‍රදේශයේ තැම්පත් වීමයි. මෙම ප්‍රදේශයේ රට අභන්තරයට වන්නට තරමක් උස වැලි කදූ වැටි ගණනාවක්ද නිර්මාණය වී ඇත. මෙම කලපුව ගොඩවීම හා වැලිකදූ ඇතිවීම වසර මිලියන ගනනක් සිට පැවතවෙන ක්‍රියාවලියකි. වසර සිය දහස් ගණනක සිට මෙම ප්‍රදේශ මිනිස් ජනාවාස වශයෙන් පැවති බවට මහාවංශය ද දෙස් දෙයි. මෑත කාලීනව ආනවිලුන්දාව ප්‍රකට වන්නේ එම ප්‍රදේශයේ පිහිට ඇති වාරි පද්ධතිය ආශ්‍රිතව සන්තතිය වී ඇති තෙත්බිම් පරිසර පද්ධතිය අතිශය වැදගත් පක්ෂි නවාතැන්පොළක් වීම හේතුවෙනි.
1970 දශකයේ මුල් භාගයේ ඉරානයේ රැම්සා නගරයේදී ඇතිකරගත් ජාත්‍යන්තර තෙත්බිම් සම්මුතිය පරිදි 2001 වසරේදී ආනවිලූන්දාව අන්තර්ජාතික රැම්සා තෙත්බිමක් ලෙස නම්කරන ලද අතර වනජීවී හා වෘක්ෂ ලතා ආරක්ෂක පනත අනුවන් අභය භූමියක් ලෙස ද නම් කරන ලදී. ආනවිලූන්දාව ප්‍රදේශයේ තුන් ආකාරයක පරිසර පද්ධතීන් හඳුනා ගත හැකි අතර එනම් මිරිදිය පහත් වගුරු බිම් පද්ධතිය, කරදිය පහත් වගුරු බිම් හා ගොඩබිම් ආශ්‍රිත වගා බ්ම් පද්ධතිය ආදීය යි.
අභය භූමියක් ලෙස නම් කිරීම සඳහා ආනවිලූන්දාව ප්‍රදේශයේ ඇති සුවිශේෂත්වදය ඉතා වැදගත්ය. ප්‍රමාණයෙන් හෙක්ටයාර් 1400 ක් පමණ වන කොළඹ, පුත්තලම දුම්රිය මාර්ගයත් මුහුදු සීමාවත් ආවරණය වන පරිදි මෙම අභය භූමිය විශේෂි වූ ගෑසට් පත්‍රයකින් ප්‍රකාෂයට පත්කරන ලදී. මෙම භූමියේ ඇති ලදු කැලෑ, තෘණ භූමි හා උස්ව වැඩෙන ශාක පක්ෂීන්ට ඉතා යෝග්‍ය වාසස්ථාන වන අතර කරදිය හා මිරිදිය වගුරු බිම් වලින් ලැබෙන විවිධ සත්වෑ ආහාර හා අනෙකුත් ආහාර නිසාද මෙම පරිසරය පක්ෂීන්ට ඉතා යෝග්‍යය.
තවද පුත්තලම කලපුවේ දිගුවක් වන මුන්දලම කලපුවේ ඉස්සන් වගාව නිසා කඩොලාන ආදි ශාක පද්ධතින් විනාශ වීම් නිසාද ආනවිලුන්දාව වනජීවී රක්ෂිදතයක් ලෙස ගැසට් කිරීම ප්රිදේශයේ පාරිසරික තුල්යදතාව තහවුරු කිරීමට ඉතා වැදගත්ය.
මෙම අභය භූමිය තුල ශාක විශේෂ 264 ක් වාර්තාවී ඇති අතර මිරිදිය මත්ස්‍ය විශේෂ 29 ක් කිවුල්දිය මතස්යභ විශේෂ 18 ක් මෙම ප්‍රදේශයෙන් සොයාගෙන ඇත. ආනවිලූන්දාව ප්‍රදේශයේ ජීවත් වන පක්ෂීෂන් විශේෂ 168 අතරින් 37 ක් සංක්රොමණික පක්ෂීකන් විශේෂ බවද, වර්ග 131 ක් ශ්‍රි ලංකාවේ වෙසෙන නේවාසික පක්ෂීන් බවද සොයා ගෙන ඇත. ඒ අතරින් පක්ෂීන් විශේෂ 9 තර්ජනයට භාජනය වී ඇත. විශේෂ 2 ක් ශ්රී් ලංකාවට ආවේණික පක්ෂීන් ලෙස හඳුනාගෙන ඇත.
සෙවිලි තහඩු කර්මාන්ත ශාලාව හේතුවෙන් ජල පද්ධතියට සිදුවන බලපෑම් නිසා ඉදිරියේදී මෙම ප්‍රදේශයේ ජනතාවට විශේෂයෙන් වියලි කාලයේදී දැඩි ජල හිඟයකට මුහුණදීමට සිදුවීමේ අවධානමක් පවතී. යෝජිත කර්මාන්ත ශාලාව සඳහා දිනකට ජලය ඝණ මීටර් 164 ( ජලය ලීටර් 164,000) අවශ්‍යය.
නමුත් ජල සම්පත් මණ්ඩලය යෝජන කර ඇත්තේ දිනකට ලීටර් 45000 ක් භූගත ජලයෙන් ලබාගන්නා ලෙසයි. එය කර්මානත් ශාලාවට අවශ්‍ය ජල ප්‍රමාණයෙන් 25% කි. ජල අවශ්‍යතාවය සපුරා ගැනීමට ලිං කිහිපයක් ඉදිකිරීමට යෝජනා කර ඇත. ප්රලදේශයේ ඇති ජල ප්‍රභවයන් සැලකූ විට නිෂ්පාදන ලාභය සඳහා ජල අවශ්‍යතාවය ප්‍රදේශයේ භූගත ජලයෙන්ම ලබාගත යුතුය.
මෙසේ අධික ලෙස භූගත ජලය ලබා ගැනීම නිසා පස් වල ඇති පාරගම්ය තා සංගුණකය සැලකූ විට පිරිසිදූ ජලය හා මිනිස් පරිභෝජනයට නුසුදුසු ජලධර මිශ්‍ර වීම වැලැක්වීය නොහැක. එමෙන්ම මිරිදිය ජලය ලබාගැනීම නිසා ඇතිවන ජල රික්තය පිරවීමට කරදිය ජලය රට අභ්‍යන්තරයට පැමිණීම වැලැක්විය නොහැක. මේ බව ජල සම්පත් මණ්ඩලය මගින් සිදූ කල ජල පොම්පකිරිමේ පරික්ෂාමවෙන් ද තහවූරු වී ඇති බව ප්‍රදේශයේ පරිසරවේදීන් පවසයි. කර්මාන්ත ශාලව සඳහා මෙවැනි ජල ප්‍රමාණයක් ලබාගැනීම නිසා රටතුල ඇති පිරිසිදු ජල ධරයන් අපිරිසිදු ජලය සමඟ මිශ්‍රවීමත්, කරදිය ජලය රට අභ්‍යන්තරයට පැමිණිමත් වැලැක්විය නොහැක.
මේ හේතුවෙන් ප්‍රදේශයේ ජනතාව ජලය ලබා ගන්නා ප්‍රජා ජල ව්‍යාපෘතියේ ජලයත් අනෙකුත් ලිං වල ජලයත් අපවිත්‍ර වීම වැලැක්විය නොහැක. (නියං කාල වලදි ලිං මඟින් අධික ලෙස ජලය ලබැගැනීම නිසා අපවිත්‍ර ජලය සමඟ මිශ්‍ර රජ වූ ලිං කිහිපයක් ප්‍රදේශයේ පිහිටා තිබීම මේ සඳහා හොඳ සාක්ෂියකි)
දැනට ඉදිකෙරෙමින් පවතින සෙවිලි තහඩු කර්මාන්තය පිහිටා ඇත්තේ ආනවිලුන්දාව රැම්සා තෙත්බිමට, අභය භූමියට මීටර් 80 ක දුරකින් වීම නිසා මෙම ව්‍යාපෘතිය හේතුවෙන් එම අගනා පරිසර පද්ධතියටද බලපෑම් එල්ල විය හැක. 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතට අනුව ප්රයකාශිත 199 පෙබරවාරි 23 දින අංක 859/14 දරන ගැසට් නිවේදනය අනුව අභය භූමියක් තුළ හෝ අභය භූමියක මායිමේ සිට මීටර් 100ක් ඇතුළත යම් සංවර්ධන ක්‍රියාකාරකමක් සිදු කිරීමට ප්‍රථම පාරිසරික බලපෑම් ඇගයීම් ක්‍රියාවලියකට යටත්ව වනජීවී අධ්‍යක්ෂ ජනරාල් වරයාගෙන් පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබා ගැනීමට ව්‍යාපෘති කරුවන් නීතියෙන් බැඳී සිටී.
නමුත් මෙම ව්‍යාපෘති කරුවන් එසේ සිදුකර නොමැත. ඒ වෙනුවට මොවුන් විසින් සිදුකර ඇත්තේ ප්රාබරම්භක පරිසර පරීක්ෂණ වාර්තාවක් පමණක් සකස් කිරීමය. මම කර්මාන්තයේ ප්‍රධාන අමු ද්‍රව්‍ය වනුයේ සිමෙන්ති හා ශාක කෙඳිය. සෙවිලි තහඩු නිෂ්පාදනයේදී සිමෙන්ති අංශු හා කෙඳි අංශූ ප්‍රධාන වශයෙන් වායු ගොලයට ව්‍යාප්ත විය හැක. මෝසම් සුලං ප්‍රවාහ වල ප්‍රවේගය ඇතැම් විට පැයට කි.මී. 60, 70 වීම හේතුවෙන් මෙම අංශු වැඩි දූරකට විහිදීමේ හැකියාවක් ඇත. එමෙන්ම ආනවිලූන්දාව අභය භූමිය තුල වෙසෙන පක්ෂීවන්ට මෙය ඉතා අහිතකර තත්වයක් විය හැකිය. ඒ හෙයින් සංචාරක පක්ෂීමන් මෙන්ම දේශීය පක්ෂීන් තම වාසස්ථාන ඇතහැරීමට මෙය යම් බලපෑමක් ඇති කල හැක.
බොහෝ පක්ෂින් මෙන්ම අනෙකුත් සත්වචයින් තමගමන් සංචරණ මාර්ග සොයාගනුයේ විද්යුටත් චුම්භක තරංග හා ධ්වනි තරංග උපයොගී කරගෙනය. යෝජිත කර්මාන්ත ශාලාවේ ජෙනරේටර සහ කර්මන්ත ශාලාවේ නිශ්පාදන යන්ත්‍ර නිසා ධ්වනි තරංග හා විද්‍යුත් චුම්භක තරංග පරිසරයට විමෝචනය වේ.මෙම තරංග සංචාරක පක්ෂිනන්ට මෙන්ම ආනවිලූන්දාව අභය භූමිය නිජභූමිය කරගත් අනෙකුත් පක්ෂියන්ට හා වෙනත් සත්වකයින්ටද මහත් බාධාවක් වීම හේතුවෙන් ප්‍රදේශය අතහැර දැමිමක් සිදූවිය හැක.
යෝජිත ව්‍යාපෘති භුමිය පිහිටනුයේ ආනවිලූන්දාව කුඩා නගරයට ඉතා ආසන්නවය. මෙය ඉතා සීග්‍රයෙන් වර්ධනය වන ජනගහනයක් සහිත ප්‍රදේශයක් වන අතරම පවුල් ඒකක සිය ගනනක් දැනටමත් මෙහි ජීවත් වේ. ප්‍රදේශයේ ප්‍රධානතම ආර්ථික බෝගය වනුයේ පොල්ය. ශ්‍රී ලංකාවේ පොල් ත්‍රිකෝණය ලෙස නම් කර ඇති ප්‍රදේශයට ඉතා ආසන්නව පිහිටීම හේතුවෙන් ඉතා සාරවත් පොල් වගාවක් ප්‍රදේශයේ දැකිය හැක.
ස්වයං රැකියාවලින් හා රාජ්‍ය මෙන්ම පෞද්ගලික ආශයේ රැකියාවල නියුතු විශාල ශ්‍රේම බලකායක් ද වී ගොවිතැනේ හා ධීවර කර්මාන්තයේ යෙදෙන පවුල් කිහිපයක්ද මෙහි දැකිය හැකි අතර මෙම ව්‍යාපෘතිය හේතුවෙන් ඇතිවන පාරිසරික හා ජල ගැටළු හේතුවෙන් එම ජනතාව අසරණ භාවයට පත්වීමේ අවධානමක් පවතී.
ආනවිලුන්දාව අභය භූමිය සංචාරක කර්මාන්තය සඳහා මේ දක්වා සැලකියයුතු මට්ටමකින් උපයෝගී කරගෙන නොමැත. රටේ ආර්ථිකයේ එක් ප්‍රධාන අංගයක් ලෙස සංචාරක කර්මාන්තය ප්‍රතිපත්තිමය වශයෙන් රජය පිළිගෙන ඇති මොහොතක මෙම විහඟ පාරාදීසය ඒ සඳහා විශාල වශයෙන් දායක කරගත හැකිය . මෙමගින් වක්‍ර හා සෘඡූ රැකියා විශාල ප්රයමාණයක් නිර්මානය කර ගතහැකිය.
ඉහත විස්තර කල ආකාරයට යෝඡිත කර්මාන්ත ශාලාව හේතුවෙන් පරිසරයට එල්ලවිය හැකි බලපෑම් නිසා එම විභවය රටට අහිමි වේ. භූගත ඡලය අපවිත්‍ර විම හේතුවෙන් කෘෂිකාර්මික කටයුතු වලට බාධා එල්ලවන අතර මිනිස් පරීභෝජනය සඳහා ප්‍රමාණවත් තරම් ජලය සපයා ගැනීමට නොහැකි වීමෙන් උග්‍ර ජල ගැටලූක් නිර්මානය විය හැක.
නමුත් එසේ තිබියදී වයඹ පලාත් පරිසර අධිකාරිය ආනවිලූන්දාව රැම්සා තෙත්බිම හා කුරුළු නිජබිම පිළිබඳව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ඇති නීතිමය බලයන් ගැන හෝ ප්‍රදේශයේ භූගත ජලය පිළිබඳව ජල සම්පත් මණ්ඩලයේ අධ්යසනයන් මගින් හෙළිකරගෙන ඇති කරුණු ගැන හෝ, ප්‍රදේශයේ මතුපිට ගලා යන ජලය පිළිබඳව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ විශ්ලේෂණයන් ගැන හෝ, ප්‍රදේශයේ ප්‍රධාන ආර්ථික භෝගය පිළිබඳව පොල් පර්යේෂණ ආයතනයේ හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වාර්තා පිළිබඳව කිසිඳු අවධානයක් යොමු නොකර ඉතා අත්තනෝමතික හා අසාධාරණ ආකාරයෙන් මෙම ව්‍යාපෘතියට අවසර ලබා දී ඇතැයි පෙනෙන්නට තිබේ. ඒ අනුව ජනතාවගේ ජීවත් වීමේ අයිතියද පෞද්ගලික කොම්පැණි කරුවෙකුට පාවා දෙමින් මෙම කර්මාන්තශාලාවේ ඉදිකිරීම් කටයුතු සිදුකිරීමට අවසර ලබාදීම තුළ වයඹ පළාත් පරීසර අධිකාරිය තම සීමාවන් ද ඉක්මවා යමින් කඩේ යන්නේ කා සඳහාද යන බරපතල පැනය අප හමුවේ ඉතිරි වේ.
ඡායාරූප: සුපුන් ළහිරු ප්‍රකාශ්, ලසන්ත වික්‍රමරත්න
මෙම ලිපිය සකස් කිරීමට උපකාර කල ආනවිලුන්දන්පත්තු පරිසරය සුරකීමේ සංවිධානයට, ලසන්ත වික්‍රමරත්න හා නිලංග පියුමල් එදිරිමාන්න මහත්වරුන්ට විශේෂ ස්තුතිය හිමිවේ.