සිරිසේන යනු තමන් ගොබ්බයෙක් බව පිළිගන්නා විලිලැජ්ජාවක් නැති අවංකයෙකි
තමන් විසින් සිදු කළ කුප්ප කුමන්ත්‍රණය පරාජය වීමෙන් පසුව වෙන කරකියා ගන්නට දෙයක් නැතිව ගලේ පැහැරූ බළලාගේ තත්වයට ඇද වැටුනු සිරිසේනට අද රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ලෙස ප්‍රකාශ කිරීමට සිදුවීම හැර වෙන කරන්න දෙයක් ඉතුරු වී තිබුණේ නැත..
නීචත්වයෙන් අගතැන්පත් විලි ලැජ්ජාවක් නැති දේසපාලුවා..මහින්ද රාජපක්ෂය.
2015 ජනාධිපතිවරනයේ පරාජයේ සිට මේ දක්වා මහින්ද දිගටම පැරදුනේය. ගහපු ගහපු දහං ගැට වැරදුනේය. තිබෙන බල පෙරේතකම නිසා 14 වෙනි දින හවසයාමය දක්වාත් හොර අගමැතිධුරයේ කෙසේ හෝ එල්ලී සිටීමට වලි කෑවේය.හෙට ද එය වෙනස් වනු ඇත්දැයි කිව නොහැක.
සිරිසේන අව-ලකුණ ( Sirirsena Syndrome) - ආචාර්ය අමීර් අලී
ඔක්තෝබර් 26 වැනි දා සිට ලංකාවේ දිග හැරෙමින් පවතින ක්‍රියාවලිය රටේ ප්රජාතන්ත්රවාදයේ අද්විතීය තත්වයකි. මීට පෙර කිසි විටෙක, ජනතාව තෝරා පත්කර ගත් ආණ්ඩුවකින් තොරව කෙනෙකු රට කරවා නැත.
ඇයි ඒගොල්ලෝ ජනාධිපතිට නොකිව්වේ? - ආචාර්ය නිහාල් ජයවික්‍රම
තමා බලයට පත්වෙන අවස්ථාවේ රටේ පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සැපයුණු පූර්ණ විධායක බලය තවමත් තමා සන්තකයේ පවතින බවක් ජනාධිපතිවරයා විශ්වාස කරන සෙයකි. එදා බලයට පත්වීමෙන් මාස තුනකට පසු, පාර්ලිමේන්තුවේ එක් කලබලකාරී සැසි වාරයක ඔහුත් අසුන්ගෙන සිටියේය.
මහින්ද, නීතිඥයෙක්ද ? ගොඩ පෙරකදෝරුවෙක්ද ? - ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් නීතිඥයෝ - නිකුත් කළ නිවේදනය
කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද රාජපක්ෂ සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් “ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් නීතිඥයෝ“ සංවිධානය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහිදි රාජපක්ෂ මන්ත්‍රිවරයාගේ ප්‍රකාශයේ සඳහන් කරුණු පිළිබඳව ඔවුන් අදහස් පළ කර තිබෙනවා.
දේශපාලුවන්ගෙන් යැපෙන ඊනියා සිවිල් සමාජ විගඩම..
ඕනෑම රටක සිවිල් සමාජ ව්‍යාපාරයන් යනු ජනතාවගේ පොදු වුවමනාවන් , ප්රජාතන්ත්රවාදය, යහපාලනය ආදීය සාක්ෂාත් කරගැනීම වෙනුවෙන් ඇති ජනතාව විසින් ස්වෙච්ඡාවෙන් ගොඩානඟා ගන්නා සංවිධානයන්ය. පොදු වුවමනාවක් වෙනුවෙන් ඒ මොහොතේ විධිමත්ව හෝ නොවිධිමත්ව මේ ජනතා ඒකරාශීවීම් ගොඩනැගේ.
113 කගේ බහුතර සහාය අපිට තිබෙනවා. වෙලාව ආවම අපි ඒක පෙන්වනවා. - මහින්ද (Daily Mirror)
රටේ පවතින වර්තමාන තත්වය සහ ලබන දෙසැම්බර් 07 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දෙන තීන්දුවෙන් පසු රටේ පාලනය සිදු කරගෙන යාමට බලාපොරොත්තු වන ආකාරය පිළිබඳව පසුගිය ඔක්තෝබර් 26 වැනිදා සිට ජනාධිපති සිරිසේනගේ තීරණයක් අනුව ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කළ මහින්ද රාජපක්ෂ සමඟ Daily Mirror පුවත්පතේ මාධ්‍යවේදි කැළුම් බණ්ඩාර සිදුකළ සම්මුඛ සාකච්ඡාවෙන් උපුටා ගත් කොටසක්.