ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ ප්‍රශ්නයේදී ශ්‍රී ලංකාව සිටින්නේ ඉතා දුර්වල තැනක බව දැන් කලාන්තරයක් තිස්සේ නැඟෙන අඳෝනාවකි. වත්මන් තත්වය තුළ ජාත්‍යන්තර සමීක්ෂකයන්ට අනුව පවුල් 10 න් 08 කට පමණ ආහාර ප්‍රමාණාත්මකව සපයාගැනීම ගැටළුවක් වී තිබේ. ළම හා කාන්තා මන්ද පෝෂණය උග්‍ර වී ඇත. විශාල ප්‍රමාණයේ ඉලක්කම් සමඟ දැන් කියැවෙන්නේත් මේ රටේ ආහාර සුරක්ෂිතතාවයක් නොමැති බවය.

විදූලි බිල් වැඩි වීම ගැන භික්ෂු විරෝධය අනුව තේරුම් යන්නේ නිවන උදා කරගන්න නම් පත්තු වුණු බල්බ තිබිය යුතු බව වත්මන් බුද්ධාගමේ භික්ෂු පරපුර තේරුම් ගෙන තිබෙන බවය. එහි පුදුමයක් නැත. අද භික්ෂු සාසනයේ සාතිශය බහුතර භික්ෂුන් කටයුතු කරන්නේ බුද්ධ දේශනාව අනුව නොවන බව පැහැදිලි කාරණයකි. අද බුද්ධ බලය, විදුලි බලයට යටත් කර තිබේ. බල්බ පත්තු නොකර නිවන් යන්න බැරි යැයි සිතන්නේ ඒ් නිසාය.

රටේ 'ජනමතය' දේශපාලකයෝ නිතර තොරොම්බල කරන වචනයකි. ජනමතය මේ යයි කියමින් ඡන්ද පන්දාහක්වත් ජනමතයක් නැති දේශපාලන පක්ෂද කතා කරන්නේ ඔවුන්ගේ මතය රටේම මතය යැයි සිතාගෙනය. මෙය නොදන්නාකම, අනවබෝධය මත හෝ තක්කඩි කමට කරනවා ඇතැයි කියා සාධාරණව සිතුවත් බොහෝ විට මේ අය ඇත්තටම හිතන්නේ රටේ ජනමතය තමන්ගේ මතය බවය.

ශ්‍රී ලංකාවේ ආහාර හා පෝෂණ සුරක්ෂිතාව තහවුර කිරීමට ජාතික සැලැස්මක් ඔස්සේ කටයුතු කළයුතු බව ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සහතික කිරීම සඳහා ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන කේන්ද්‍ර සවිබල ගැන්වීමේ බහු ආංශික ඒකාබද්ධ යාන්ත්‍රණය ස්ථාපනය කිරීමේ සමාරම්භක වැඩසටහන අමතමින් ඊයේ ප්‍රකාශ කර තිබිණි.

මෙම වැඩසටහන ඊයේ (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

ලිට්‍රෝ ගෑස් ටෙන්ඩරයෙන් කොටි 130 ක් ගසා කාලා යැයි කෝප් කමි‍ටු සභාපති චරිත හේරටත් විසින් දේශපාලන වේදිකාවක කළ කතාවක් ගැන පුවත් වාර්තා වෙමින් ඇත.

වෙබ් අඩවියක සඳහන් වූ මේ පුවත ගැන සටහන් සමාජ මාධ්‍ය තුළ වේගයෙන් ව්‍යාප්ත වෙමින් ද තිබේ.

රනිල්ගේ පවර් එක !

Monday, 12 September 2022 11:04

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන අමෙරිකානු නියෝජිත ආයතනයේ ප්‍රධානී සමන්තා පවර් මෙරටට හදිසියේ එන්නේ මෙරට මානව හිමිකම් උල්ලංඝණය වීම ගැන සොයා බලා ජනාධිපතිවරයාට තරව‍ටු කර යන්න බව විපක්ෂයට පක්ෂපාත ප්‍රධාන පෙළේ මාධ්‍ය , සමාජ මධ්‍ය වල පසුගිය සතියේ ලොකු ප්‍රචාරයක් ලබා දී තිබිණි. සමන්තා පවර් ආපහු යද්දි හොඳවැයින් දෙකක් කියා යනු ඇති බවද මේ අය සිතා සිටියහ.

තිස් හත දෙනෙකු  තරම් විශාල රාජ්‍ය ඇමැතිවරු ප්‍රමාණයක් දිවුරුම් දීම සම්බන්ධයෙන් මේ වන විටත් විශාල විවේචනයක් ජනාධිපතිරයාට එරෙහිව එල්ල වෙමින් පවතී.. රාජ්‍ය සේවය කප්පාදු කළ යුතු බවට මතයක් ආණ්ඩු පාර්ශ්වය විසින් පතුරුවමින් සිටින මොහොතක ජනාධිපතිවරයා විශාල රාජ්‍ය ඇමැති මණ්ඩලයක් පත් කිරීම ගැන එල්ල වන විවේචනය සුළුවෙන් තැකිය යුතු නැත. එහෙත් ඇත්ත තත්වය මඟහැර එම විවේචනයන් බාරගත යුතු ද නැත.

පවතින ආර්ථික අර්බුදය, ලොකු කුඩා සැමටත් දුප්පත් හා පොහොසත් අයටත් පොදුවේ සහ වෙන වෙනමත් අහිතකර ප්‍රතිවිපාක ගෙන එන්නකි. බොහෝ කාලයක් පැවති, සාර්ව ආර්ථික දර්ශකවල අහිතකර ඇඟවීම් නිවැරැදිව කියවා නොගැනීමත්, එදා වේල බේරා ගැනීම මිස, ස්ථිරසාර කල්පවත්නා ජාතික ප්‍රතිපත්ති කිසිවක් නො වීමත් ආර්ථිකයේ පවතින උපන්ගෙයි දෝසයෝ ය.

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us