චෝදනා කරන්න පෙර හිතන්න

Wednesday, 25 October 2023 22:24

තම මවට නොසැලකූ බවට එල්ල වූ චෝදනාවට සංවේදී වූ පුතෙකු සිය දිවි නසාගත් බවට පුවතක් මාතර පිටබැද්දර ප්‍රදේශයෙන් වාර්තා වුණා.

බුදු දහමේ පවා සිතීමේ හා විමසීමේ නිදහස පිළිබඳව ඉතාමත් ම හරවත් ඉගැන්වීම් සඳහන් වෙනවා. ප්‍රශ්නයක් මතුපිටින් බලා තීන්දු තීරණ ගැනීමෙන් සිදුවන්නේ තවත් කෙනෙකු ගැටලු සහගත තත්ත්වයකට පත්කිරීමයි. ඒවාගේම සිත් රිදීමකදී, මානසික පීඩාවකදී සියදිවි නසාගැනීම පැමිණි ගැටලුවට විසඳුමක් වන්නේ නැහැ.

59 හැවිරිදි උවරගල ජාතුන්ගේ බන්ධුසේන එක්දරු පියෙකි. ඔහු පදිංචිවසිටියේ පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කොස්මිල්ගොඩ නම් වසමෙහිය.

පසුගිය 22 දා ඔහු මෙලොවින් සමුගෙන තිබිණ. ඒ තම මවට නොසැලකුවා යැයි මිනිසුන් ඉදිරියේ බැන වැදීම හේතුවෙනි. මිය ගිය පුවත ලද බන්ධුසේනගේ මවත් ඊට පසු දවසේ එනම් 23 දා මෙලොවින් සමුගොස් ඇත්තේ කාගේත් සිත් තුළ ශෝකය ඇති කරවමිනි.

සිද්ධිය සම්බන්ධයෙන් රාගම වෛද්‍ය පීඨයේ ළමා හා යොවුන් මනස පිළිබඳ විශේෂඥ මහාචාර්ය මියුරු චන්ද්‍රදාස මහතා සඳහන් කළේ,

"ජීවිතයට හානි කරගැනීමේ අදහසක් ආවොත් අපිට කරන්න ලේසිම දේ තමයි වෛද්‍යවරයෙකුට කතා කරන එක. එහෙම නැතිනම් කිසිම මුදලක් වැය කරන්නේ නැතුව 1926 දුරකථන අංකයට ඇමතුමක් දෙන්න."

 

-RS

Last modified on Wednesday, 25 October 2023 22:24

Leave a comment

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us